කෙලෙස් ගං තෙර නිමාවක් නැති
එතෙර වන්නට පෙරුම් පුර ඇති
අවිඳු අඳුරක නිසරු සසරක
සතුට සැනසුම මිරිඟුවක්…
දියණි, පෙම්වති, පතිනි, මව් බැමි
බිඳ දමා භව තරණයක වඩින ඈ
යශෝදරා කුල පින්සාර කුසුමක්…
දරදඬුම රළු කලු ගල් පවා අද
ශ්වේත සළු පිළි ගත දරා ගෙන
මිලින වී සියුමැලි ය පුදසුනට…
කෙලෙස් බර විසඝෝර අරණෙ හි
උත්තරීතර මනෝකායකි ඕ…
Leave a Comment