නිසදැස් විශේෂ දිනයන්

නිවමු කෙලෙස් මළ උතුම් වෙසඟේ…

මෝහ ගණඳුර මකාලන්නට
ඈත අහසේ නැගෙයි පුන්සඳ
කෙලෙස් ගින්නෙන් දැවෙන මනුසත
නිවයි ගලනා අමා දම් ගඟ
අඳුරු දිවි කතරක ඇවිද යන
සතට ඔබමයි සිසිල බුදු පිය
මං මුලා වුනු සසර සරනා
ලෝ සතට මෙත් මුණි දයාවෙන්
පෙන්වු මග නම් පරම නිවනයි
පතමු මේ දුක් නිවා දවසක
එතෙර වන්නට උතුම් වෙසඟේ…

Design by – Binod Lakshitha

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

මාධවී ප්‍රියංගිකා

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment