නිසදැස් විශේෂ දිනයන්

නුතන වෙසක්…

අනෙකාට වඩා අපිට
ලස්සන කූඩුවක්…

උන් දෙනවාට වඩා අපි
ලොකු දන්සලක්…

මිලක් නියම වී දෙසන
බණ පදයක්…

බෙස්ට් වෙසක් පාඨයට
චැනල වල තරගයක්…

දස දහස් ගුණයන්ට
මල් පහන් කන්දක්…

අහෝ!!! සමරයි මෙලෙස
නුතන වෙසඟක්…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

සංජනා දිසානායක

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment