සඳට තරු කැට තනිය මැකුවට
නුඹට තනිකම දැනෙනවා ඇති
ළපටි මල්පොඩි පිපී පරවෙන තුරුම
පෙරමග බලනවා ඇති
සෑම රෑකම දෑස කඳුළින්
පිරී තෙත් වී බරව යන හැටි
හීනෙනුත් මා ළඟට ඇවිදින්
අම්මෙ යැයි හඬ ගසනවා ඇති
හීන පසුපස කොළඹ දිව්වට
හීන පොදි තව හිසට බර වැඩි
තුම්මුල්ලෙ සරසවිය තුළ
මගෙ කවිය තනිකම මකනවා නිති
Leave a Comment