ලය තුලම හොවාගෙන,
රුහිරු කිරි කැටි කරපු
විසිරිච්ච හීන පොඳි,
එක පෙලට අමුනවපු
සඟවමින් හැම විඩා,
හෙවනැල්ල සේ හිටපු
සිටිත් නම් මගේ ලොව,
නුඹම මිස වෙන කවුරු
වැදුණු වේවැල් සැරට,
මට හොරෙන් ඉකිබිඳපු
අවැසි හැම මොහොතකම,
මා ලඟින් නොසෙල්වුණු
දිවිමගේ අඳුරු තැන්,
නොදැනීම එලිය කෙරු
පැතුම නම් හැම භවේ,
නුඹම මිස වෙන කවුරු
Leave a Comment