රෑ අහස්කුස දිලෙන
දුරක සිට මම විඳින
සඳකි නුඹ ,
පුරපොහොය
දින අහස බබළවන….
අටවකට රෑ අහස
සඳ කොයිද පෙර ලෙසට
අමාවක දා අහස
අදුරු වී යයි යසට…
නමුදු යලි පුරසඳක්,
සේ නුඹම දිලෙන බව,
මගේ හදවත දනී
වෙනස් වෙන ලෝ දහම…
අද ලෙසට නොවෙයි හෙට
සඳ එළිය වෙනස් වුව,
නුඹේ හදවතේ පෙම
ඇත සදා එක ලෙසට…
Leave a Comment