වසත් සමයක බලෙන් හැමූ “සැඩ කුණාටුව” නුඹ
අවාරෙක හද ළඟින් ලියවුණු “වස් කවිය” නුඹ
මටත් නොදැනිම හද ගිලන් කල “ඇස්වහත්” නුඹ
මඟ හරින හැමවිටම යළි යළිත් හිත අවුස්සන “සාපයත්” නුඹ
ඉතින්,
තවත් පව් ඉතිරි ද, මිතුදමේ නාමෙන් සක්වලෙහි
යළිත් හමුවන්න එවන් වූ
“ගිනිකඳු”
හෂානි එදිරිසිංහ
තෙවන වසර
නීති පීඨය
Leave a Comment