දස මසක් නුඹ කුසෙහි වැඩුනා….
කන්න බැරි මුත් ඉවස ගත්තා….
හිස රුදා මට නිතර හැදුණා….
සියලු දුක් කැට නුඹෙන් නිවුණා….
පියාගෙ අත අල්ලගෙන මම….
නුඹේ වතගොත කීව එක දෙක…
මෙලොව නෑ නුඹ කුසෙහි ඒ දින….
සිහින මැව් මම පියා සමගම…
විලි රුදා මට ආවා ඒ දින…
ඉවස ඉන්නට බැරිම තරමට….
හීන දැක්කේ නුඹව දැකුමට…
ඉවස ගත්තා දිරිය තව ගෙන….
පියාගෙ අත අල්ලගෙන මම…
යද්දි කීවේ පුතුනේ නුඹ ගැන….
පියා වාගෙම පුතෙක් සුරතල්…
ඉන්න දෙන්නම් මොහොතකින් තව….
කඳුළු වැටුණා වේදනාවට…
පියා සිටියා ළඟින් සැම විට….
නුඹව වැදුවා දිරිය ගෙන මම…
සිහිය එන විට නුඹයි මා ළඟ….
සියලු දුක්ගිනි නිමා වූවා…
මගේ පුතුගෙ මුහුණ දුටුවා…
නොලද සතුටක් එදා ලැබුවා…
එදින නුඹ මේ ලොවට ආවා…
Leave a Comment