Colombo Beacon ආදරය සාමාන්‍ය

නොකියාම යන්න ගිය ආදරණීය Hagrid…(1950 – 2022)

Written by Dunith Desitha

“There’s no Hogwarts without you, Hagrid.”
– Harry Potter and the Chamber of Secrets-

ඔයාට මේ වචන ටික අනිවාර්යයෙන්ම ඇහිලා ඇති… 
හැරී පොටර් රසිකයෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම මේ කෙනාව දන්නවාමයි. 

“Rubeus Hagrid” හෙවත් “Hagrid” අද අපි අතරින් යන්නම ගිහින්. ඔබගේත්, මගෙත් ළමා කාලයේ දී අප හදවත් උදුරාගත් “Hagrid” හැරී පොටර් රසිකයන් අතර වීරයෙකි. මෙම වීරයා උපත ලබන්නේ 1950 මාර්තූ 30 වන දින ස්කොට්ලන්තයේ දී Anthony Robert McMillan නමින් ය. 


මට මේ වීරයා සමීප Hagrid ලෙස ය. අපේ ළමා කාලය සුන්දර කළ Harry Potter චිත්‍රපටයේ අමතක නොවන චරිතයකින් රසික හදවත් ඇද බැඳ ගන්නට ඔහු සමත් විය. Hagrid ඇත්තටම තාත්තා කෙනෙක් වගේ යෝධයෙක් වැනි ය. එය ඔබට Harry Potter චිත්‍රපටය නරඹද්දී වඩාත් හොඳින් සමීප වේ. එතරම්ම ආදරණීය චරිතයක් වූ ඔහු අද Hogwarts පමණක් නොව, මේ ලෝකයෙන් යන්නම ගොස් අවසන්ය. 

“Hogwarts අද පාළුයි. ඔව්, අද නම් මටත් හරිම පාළුයි. Hogwarts වලට ඔබ හැමදාම අමරණීය මතකයක් වෙයි”

දක්ෂ සිනමා රංගන ශිල්පීයෙක් වූ මොහු තමන් රංගනයෙන් දායක වුණ චිත්‍රපට සඳහා සම්මාන හා ඇගයීම් වලට පාත්‍ර වූ අවස්ථා සලකා බලන විට “Cracker” හා “National Treasure” යන කතා මාලාව සඳහා හොඳම නළුවා යන සම්මානය ද “Harry Potter and the Philosopher’s Stone” හා “Harry Potter and the Chamber of Secrets” චිත්‍රපටවල හොඳම සහාය නළුවා ලෙස ද නිර්දේශ වී ඇඟයීමට පාත්‍ර වී ඇත.

2001 සිට 2011 දක්වා නිකුත් වන Harry Potter චිත්‍රපට මාලාවේ ආදරණීය පතාක යෝධයා, Harry Potter චිත්‍රපට මාලාව නිකුත් වී වසර 20ක් සැපිරීම නිමිත්තෙන් පැවැත් වූ Return to Hogwarts වාර්තා වැඩසටහනේ දී අපේ නෙතඟ කඳුළක් එක් කරන කතාවක් පවසයි.

“The legacy of these movies is that my children’s generation will show them to their children.
So, you could be watching them in 50 years’ time, easy. I’ll not be here sadly… But Hagrid will.”

– Robbie Coltrane – 
(Rubeus Hagrid)

“හැරී පොටර් චිත්‍රපටය මගේ ළමයිගේ පරම්පරාවේ එයාලගේ ළමයින්ටත් පෙන්නයි.
ඔයාලාට තව අවුරුදු 50 කින් වුණත් ඒ චිත්‍රපට ටික පහසුවෙන් නරඹන්න පුළුවන්. “මද සිනහවක් නගමින් ” හැබැයි, කණගාටු වුණත්, ඒත් එදාට මං ඉන්න එකක් නෑ. ඒත් එදාට හැග්‍රිඩ් ඉඳීවී.”

ඔව්, ඔබ හැමදාමත් අපේ හදවතේ ඉන්නවාම යි. නමුත් ඔබ එදා ඒ කතාව කිව්වේ අද යන්නම බලාගෙන කියලා නම් මට නොසිතුණි.

නළුවෙක්, ලේඛකයෙක් හා නිෂ්පාදකයෙක් වූ ඔහු ස්කොට්ලන්තයේ Larbert හි FORTH Valley Royal Hospital නම් රෝහලේ දී ඔක්තෝබර් 14 සිකුරාදා අවසන් හුස්ම හෙලන විට මොහු 72 වන වියේ පසු විය.
අන්තිමට කියන්න තියෙන්නේත්, Hagrid, ඔබ නොමැතිව Hogwarts ද නොමැති බවයි.

“There’s no Hogwarts without you, Hagrid.”
වයස් බේදයකින් තොරව හැරිපොටර් රසික හදවත් වල ලැගුම් ගත් Hagrid, ඔබට සුබ ගමන්…!

 

දුනිත් දේසිත අතුකෝරල
පළමු වසර
තාක්ෂණ පීඨය

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

Dunith Desitha

තාක්ෂණ පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment