ආදරය

නොතේරුනු විරාගය

කැමැත්ත හා ආදරය
ද්විත්ව තේරුමේ අතරමංව ,
දුර සිට බලා සිටින,
මහත් පැනයකි ඔහුව මට.
ඇතුලු හදවතේ සිතුවිලි ,
නොදරයි වෑයමක් හැබෑ කර ගන්නට
එනමුත් නොදමයි උදුරා ඉවතටත්..
හේතුවක් නැතුවම
ආදරය කරයි දුර සිට
සරෝජනීටත්… බතීටත්…
ලෞකික දිවි ගෙවන්නන් වූ අ
පගේ සිතුවිලි පරාසයෙන් ඔබ්බට විහිදුනු
හේතුවක් නැති ,
ඔවුනොවුන් අතර වූ
ඒ පරතරය…
හෙල මහා ගත්කරු
පෙන්වීය.
මට නොතේරුනු
අරවින්දගේ විරාගයක් ලෙසට…….
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

සොනාලි හංසිකා

විද්‍යා පීඨය - උපාධිධාරිනි
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment