ආදරය

නොදකින ආදරය

දැක්ක ගමන් තියෙන උං බය වෙන ,නැති උං හූල්ලන පට්ටම මාතෲකාවක් මේක..මේක කියවලා ඉවර උනාම මාර දැනුමක් එයි කියලා හිතන්න එපා..ඒත් අනිකාව තේරුම් ගන්න සහ අනෙකාට ඇහුන්කම් දෙන්න පුලුවන් විදියට අඩුම ගානේ ඔයාගේ ආකල්ප වත් වෙනස් වෙයි..අපි වගේ අහිංසක කොල්ලෝ ඉස්කෝලේ කාලේ මොකටවත් පැටලෙන් නැතුව ඉන්නකොට අපේ ගුරුවරු අවවාද කරේ මේං මෙහෙමයි “ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න පුතාලා කැම්පස් ගියාම හොඳ කෙල්ලෙක් හොයා ගන්න පුලුවන් “අපි ඉතින් අහිංසක කොල්ලෝ නිසා ඒ කීව දේ දේව වදනක් වගේ විශ්වාස කරන් ජිවිත් උනේ.ආදරය කරන එක වැරැද්දක් වත් මානසිකව විකෘතිය ක් වත් නෙවෙයි නේ..තව කෙනෙක් ගැන ආදරයක් හෝ ආකර්ෂණය ක් ඇති වීම අති සාමාන්‍යය සිදූවීමක්..ප්‍රංශ නූතන දර්ශනවේදයේ කියන විදියට තාරුණ්‍ය වයසේ පසු කරන්නන් ආදරය කීරීම සහ විප්ලවකාරී වීම ප්‍රතික්ෂේප කරනවා නම් එය ඔවුන්ගේ ජානමය සහ මානසිකමය ගැටලුවක්..
මෙතනින් එහාට කියන ගොඩක් දේවල් මගේ පෞද්ගලික අත්දැකීම් නෙවෙයි ..මං අහපු කියවපු සහ දැකපු දේවල්..කැම්පස් ආදරේ ගැන කෝමත් ලංකාවේ තියෙන්නේ මාරම සෞන්දර්යාත්මක චිත්‍රයක් ඒකට පේරාදෙණිය වගේ සොබා සෞන්දර්යයෙන් පිරී ඉතිරී යන විශ්ව විද්‍යාලයක් ඉවහල් වෙන්න ඇති. කැම්පස් එකේ ආදරය කරන්න සීමා මායිම් නෑ වැට කඩොලූ නෑ මට හිතෙන විදියට විශ්ව විද්‍යාල උප සංස්කෘතිය තුළ ආදරේ කියන දේට එච්චර තැනක් දෙන්නේ පවතින අතී පීඩාකාරී අධ්‍යාපන රටාව නිසාම වෙන්න ඇති.ඒවගේම බොහෝ දෙනා (විශේෂයෙන් ම ගැහැණු ළමුන්) තම ජිවිතේ ආදරය ගැන ප්‍රථම පාඩම පවා ඉගෙන ගන්නේ කැම්පස් එකෙන්..මොකද ඔවුන් පවා හිතනවා කැම්පස් ආදරේ කියන්නේ මාරම පවිත්‍ර පිවිතුරු නිකැලල් පුෂ්පයක් වගේ කියලා..ඒක හරි ද වැරදි ද කියනවාට වඩා මෙන්න මේ කරුණු ටික ගැන නැවත හිතන එක වටින දෙයක් වෙයි.
බොහෝ විට ලෝකේ පිළිගන්න මතයක් තමා ඔබට ජීවත් වීමේදී තනිව ජීවත් වීමට වඩා යම් පුද්ගලයෙක් එක්ක බැඳීමක් ඇති කරගැනිම වඩා ප්‍රතිඵල දායික ක්‍රියාවක් බව.ඔබ විශ්ව විද්‍යාලයට එන තුරු දෙමාපියන් ගෙන් ලැබුන සෙනෙහස සහ රැකවරණය යම් ප්‍රමාණයකින් දුරස් වනවා..ඉන් පසු ඔබේ ජිවිතේ තනිකම පාලුව මකා ගන්නට තවත් අයෙක් සොයාගැනීම ඔබේ ශරීරේ අභ්‍යන්තරයයෙන්ම රසායනික ක්‍රියාවලියක් උත්පාදනය වෙනවා..මේ නිසා ඔබ යම් අයෙක්ට ආදරය කරනවා .ආදරය කිරිමේදී අපි ගනුදෙනු කරන්නේ හැඟිම් වලින් මං බොහො විට විශ්වාස කරන දේ තමා වචන වලටත් වඩා හැඟිම් ඉතා බලවත් බව..අපගේ බොහෝ ආදර සම්බන්ධතා ලත් තැනම ලොප් වන්නේ අනෙකාව තේරුම් ගැනිමට නොහැකි වීමටත් වඩා තේරුම් ගැනිමට උත්සාහ නොකීරීම නිසා..
ඉතින් කැම්පස් කොක්ක සදාදරණිය බිරිඳ හෝ ස්වාමියා කරගන්නට උනන්දු වන මිතුරනි ඇහුම්කන් දෙන්න ඔබේ අනෙකාට ඇහුම්කන් දෙන්න අනෙකාව ඉවසන්න ,ඉවසිය යුතුම තැනත් ඉවසන්න,ආදරේ කරන්න කොන්දේසි විරහිතව ප්‍රති උපකාරයක් හෝ නැවත ආදරේ බලාපොරොත්තුවෙන් තොරව ආදරේ කරන්න ,එසේ කීරීමට නොහැකි නම් එසේ කීරීමට හැකිවන පරිදි හදවත විවෘත කරන්න ..
මා අසා ඇති ඉතාම විරල ගනයේ අදහසකින් ලිපිය නිම කරන්නම් ” I don’t believe in magic ,young boy said,The oldan smiled ,”You will son,When you see her”. අපි හැමෝගෙම ජිවිත වල ඒවගේ මැජික් එකක් තියෙන්න පුලුවන් ..ඕශෝ කියන විදියට “මලක ලස්සන කඩා ගත්තම නැති වෙනවා..ආදරේ අයිති කරගත්හම එහි ලස්සන නැති වෙනවා.”ඉතින් ආදරේ කරන්න කිසිදා නොසිඳෙන ආකාරයෙන් ..

ආදරේ පුනුරුප්පත්තියක් ,නැවත දිනක හමුවෙන .(කොකු තියෙන්නේම ගැළවෙන්න හරියට හිත් තියෙන්නේ කැඩෙන්න වගේ)

H.T

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

නිර්ණාමික

කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment