දුටු නැති මුත් මේ
නෙතගින් හැබෑවට…
මල් වැස්සක් විලසින්
මගෙ සිත් මලට…
ඇදහැලිච්ච
සුවඳ මලකි නුඹ…
ළඟම හිටිය
පාට පාට තරුවලටත් වඩා…
හිත බැදිච්ච
දම් තරුවයි නුඹ…
සිටියා මුත්
තාරකා වැල්
මගෙ මල් ලෝකේ…
ඒ අතරින් වටින
තරුව නුඹ වෙයි මිතුරේ…
හමු වූවත් සසරෙ
පුරුද්දට පෙර එක දවසක්…
මන්ද පමා වූයේ කියා
හඬනවා මේ සිත තවමත්…
දමා හුස්ම මේ ලෝකෙන් යන්න
සිතුණ විට දී පෙර…
සිටියේ නැත්නම් හයියට
ඒ දිනවල නුඹ…
මමයි කියා කහ තරුවක්
නෑ මිහිකත මත…
එතී එතී අපේ බැඳීම
තව ඉදිරියටම…
මගෙම සොයුර වී
මිය යමු…
යම් දිනයක
දුර…
Leave a Comment