ජිවිතය හීන ගොඩක්. ඉපදුන දා පටන් දැනුම් තේරුම් කාලයට පැමිණෙන්නටත් පෙර සිටම අපි හීන දකිනවා. ජිවිතයේ, අපි කොතරම් හීන දකින්න ඇතිද? කොතරම් හීන සැබෑ වෙන්න ඇතිද? තවත් සමහර හීන, හීනයක්ම වෙලා මියැදෙන්න ඇතිද?
මටත් ඔයාටත් හීන ගොඩක් තියෙන්න ඇති. දැනටත් හීන තියනවා වෙන්න ඇති. පොඩි කලේ ඉදලා A/L ජීව විද්‍යාව කරන බහුතරයකට තියන හීනයක් මටත් තිබුනා. ඒ දොස්තර කෙනෙක් වෙන හීනය. ඒ හීනය නිසාම ජීවතේ ගොඩක් දේවල් මග ඇරෙන්න ඇති. එත් අද මම වෙනම, හීනෙකින්වත් නොහිතපු තැනක ඉන්නවා. ඒ කියන්නේ හීනයක් ඉවර වෙන්න තවත් හීනයක් අපිට ලං වෙනවා. එහෙමත් නැත්තම් අපි හීනෙට ලං වෙනවා.
කොයි වයසක හිටියත් හීන කාටත් පොදුයි. ඒ වගේම හීන වලට වයස් සීමාවක් නෑ. ඒ නිසාම හීන සුන්දරයි. හීන දකින්න තනියෙම පුළුවන් උනාට හීන සැබෑ කරගන්න තනියෙම බෑ. ආදරයේදීත් එහෙමයි. ආදර්යේදී හැම දෙනාම වගේ මහා මෙරක් තරම් හීන දකිනවා. ඒ හීන සැබෑ කරගන්නත්, ඒ හීන රැක ගන්නත් ගොඩක් උත්සාහ කරනවා. එත් ඒ හීන සැබෑ කරගන්න නම් ඒ හීනම දකින සහකරයෙක් හෝ සහකාරියක් ඕනෑ. ඒ හීන ගැලපෙනවනම් ආදරය සුන්දර ඇති. ඒ හීන නොගැලපෙනවනම් ආදරය කටුක ඇති. ආදරයට පමණක් නොවේ ජිවිතයේ අනෙක් සැම දේකදිම එසේමයි. හීන ගොඩක් වෙලාවට බාහිර දේවල් මත රඳා පවතිනවා. හීන වලට වගකිමක් නැ. එකයි හීන වල සැබෑ ස්වරුපය. කාලෙන් කාලෙට හීන වෙනස් වෙනවා. මිට අවුරුද්දකට කලින් දැකපු හීනය නෙවෙයි අද අපි දකින්නේ. කලෙත් එක්ක හීන අලුත් වෙනවා.
ඒ නිසා හීන දකිමු. ඒවා සැබෑ කරගන්න උත්සාහ කරමු. හීන කෙතරම් බොළද උනත්, හීන කෙතරම් සංකීර්ණ උනත්, සමාජය ඒවා හෑල්ලුවට ලක් කරත් හීන දකින එක නතර නොකරමු. අපි නොදැනුවත්ව හෝ හීන අපිව ජිවත් කරවනවා. හීන බිදුනට ජීවිතය බිදෙන්නේ නැ. තවත් හීනයක් ඔබව ජිවත් කරවාවී. හීනයට වටිනාකමක් දෙන්න ඒවිට හීනය විසින් ඔබේ ජිවිතයට වටිනාකමක් දෙවි.
Leave a Comment