ඉඳිකඩ මායිමේ පුංචි සාවුන්
තනිකම මැකුවට…
මා දන්නවා හිත අස්සෙ ගිනි ඇවිලෙන වග
එකම හදවත නුඹෙන් ඈතට ගිය දින සිට
ඉස්සර සඳ එළිය හා එක් කර
සෙනෙහසේ කවි මිමිනුව නුඹ
අදත් ඒ රාවය මද සුළඟට එක් කරනවද
මව් සෙනෙහෙ හද අවුලනකොට
හිත දැවෙන හීන හිත් කොනක සිට අත වනනකොට
යන්නට වුණත් දුර රටකට නොපෙනෙන දුරකට
තවම නිදි යහනෙදි කඳුළු බිඳු ඒ සෙනෙහස
මතක් කරනවා අම්මේ නිදි නැතිවම…
කසුනි සංකල්පනා
පළමු වසර
ශාස්ත්ර පීඨය
Leave a Comment