නොමිනිසුන් පිරුණු ලෝකෙක
මිනිසත් බවේ අරුත හඳුනන
හදවතක තෙතමනය මකන්නට
නොහැක කිසිදා නොමිනිසෙකුට
වෛරයෙන් පෙළෙන සිත්
රිදවන්න සිතුවද මිනිසත්කම
නොහැක කිසිවක් කරන්නට
එයයි බලවත් මිනිසත්කම
ද්වේෂයෙන් මත්වෙලා
කළ කුරිරු කම් නිසා
තැවෙන දුක්වෙන සිත්හට
මෙත් වඩයි මනුසත් සිත
Leave a Comment