ඉඳහිට හමන කාවේරියේ සුළඟ පවා
නුඹෙ පා සලං හඬ මුමුණයි හද පාරා…
එනමග බලමින් රැය නිදි වැරු යහන පුරා
එලු සුදු සේද නැත තවමත් වියැකීලා…
මුදුනත් තබා නුඹෙ දුක් ගැයූ ගිරි දෙවොලේ
අද නුඹවම පුදයි පරසතු මල් අතුරාලා…
ඇසුනත් කොතෙක් පෙම් බස් මගෙ සවන් පුරා
කන්නගියේ මතක ඇවිලෙයි පඬුපුර පරදා…
හැකිනම් සලඹ අතහැර වරෙන් මදුරටට
පත්තිනිය නොවෙයි නුඹ තවමත් මගේ ලඳ…
Leave a Comment