අඳුරු නුබ ගැබ
කිමද පෙම්බර
කොහිද තරු කැට
දිලෙන නුඹෙ වත…
රුදුරු සිත් අග
දැමුනු සෙනෙහස
නැතිද උණුවන
හදෙහි නුඹෙ ළඟ…
දරා පෙම් සිත්
පතා නුඹ සිත්
බලා ආ මුත්
නුඹේ ඔය සිත්…
තලා අප සිත්
කිමද මේ සිත්
නොදත් සේ සිත්
ගියේ දුර සිත්…
ලොවක් තනනට
තැනුව මාළිඟ
කතරෙ අතරක
තනිව ඇත අද…
පුතුගෙ සෙනෙහෙට
නොහැකි දෝ අද
එන්ට හනිකට
දුරක ගිය ලෙස…
පතිනියක ලෙස
රකිමි පතිදම
සදෙව් ලොව වෙත
ගිය ද හනිකට…
පුතුගෙ ලෝකෙට
පියෙකු වන්නට
හැකි වේ ද මට
නැතිව නුඹ ළඟ…
Leave a Comment