වන්දනීය වන්නා වූත්,
අභිමානනීය වන්නා වූත්,
දේශමාමක වන්නා වූත්,
දේශ හිතෛෂී වන්නා වූත්,
තෙජ බල දනවන්නා වූත්,
නිර්භය අඟවන්නාවූත්,
ජය ගොස අභියස – රජ සැප අතහැර
දුක් ගිනි රස විඳ – දැය ධජ නංවන,
තේජමාන,
ශූර ධීර,
අභීත,
යදම් තෙජ දම…
සයුරු රළ මැද,
නිසල දිය මත
රජයන…
ගුවන සිව් දිග
සිහල සිව් කොන
සුරකින…
ධරණි තල මත
සසල දා බිඳු
වගුරන…
රාවණා කුල
විරු පුත් වෙති…
නමින්
රණ විරු නම් ලත්…
රකිනු වස් සිරි ලක
මාරයා අභියස
අදත්…
යුධ වදී ඔවුන්
තනිව
නිහඬව
සුව විරු සෙවණ මැද…
ගුණ ගයා තෙරුවන
දෑත් බැඳ දෙව් වැඳ
පතමු හනිකට
සුව…
දණ නවා
අභියස
කෙළෙහිගුණ…
Leave a Comment