හිට්ලර් උපත ලබන්නේ 1889 දී ඔස්ට්‍රියාවේදීය. ඔහුගේ තරුණ විය ගෙවුනේ අඟ හිඟ කම් මැදය. පළමු ලෝක යුද්ධ සමයේ හමුදා සෙබලෙකු ලෙස කටයුතු කළ ඔහු 1919 දී ජර්මානු කම්කරු පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. පසුව පක්ෂයේ පාලනය ලබාගත් ඔහු එහි නම national socialist German worker’s party ලෙස වෙනස් කළේය. නාසි පක්ෂය ලෙස හදුන්වන්නේද මෙම පක්ෂයි.
ජනවාරි 30 වන දින ජර්මනියේ චාන්සලර් පදවියට පත්වූ හිට්ලර් පෙබරවාරි 28 වන දින සිය ප්‍රජාතන්ත්‍රවදයට එරෙහි වැඩ පිළිවෙල දියත් කළේය. මුල්ම පියවර වුයේ භාෂණයේ, රැස්වීම් පැවැත්වීමේ, සහ එක්රැස් වීමේ නිදහස සීමා කිරීමේ ආඥාව නිකුත් කිරීමත් සමගමය. මෙයට ප්‍රධානම හේතුව වූයේ හිට්ලර්ට වෙනත් පක්ෂ වල විවේචන අදහස් වලට කන්දීමට තිබූ අකමැත්තය. භාෂණයේ ඇති නිදහස අහෝසි කිරීම මගින් හිට්ලර් තමන්ට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන සාමාන්‍ය ජනයාට පවා දැඩි දඩුවම් පනවූවේය. කිසිවෙකු හෝ නාසි පාලනය ප්‍රසිද්ධියේ විවේචනය කළහොත් ඔහු සිරභාරයට ගෙන දඬුවම් නියම කෙරුණි. මින් පිළිඹිබු වෙන්නේ හිට්ලර් යනු කෙනෙකුගේ දේශපාලන විවේචන මැදිහත් සිතින් ඉවසීමට නොහැකි පුද්ගලයෙකු බවයි. මෙය ප්‍රජාතන්න්ත්‍රවාදී පාලනයේ නායකයෙකු සතු හැසිරීම් රටාවක් නොවේ. ඕනෑම සාමාන්‍ය වැසියෙකුට පවතින ආණ්ඩුව කෙරෙහි තමන්ගේ පවතින මතය ඉදිරි පත් කිරීමට අයිතියක් තිබිය යුතුය.නමුත් නාසි පාලන සමයේ ජර්මනිය තුළ ඉහත කී ලක්ෂණය නොතිබුණි.
රැස්වීම් පවත්වීම සහ එක්රැස්වීම සීමා කිරීම මගින් හිට්ලර් බලාපොරොත්තු වුයේ කිසිම විටක තමන්ගේ පක්ෂයට මතයට එරෙහිව කිසිම පක්ෂයක් ජනතාව දැනුවත් කිරීම,මතවාද පල කිරීම,විවීචනය කිරීම, පාලන ක්‍රමය සම්බන්ධයෙන් කිසිදු විරුද්ධත්වයක් නැති සාමාන්‍ය ජනතාවට එත්තු ගැන්වීම සඳහාය. එවිට කිසිදු විටක සිය පාලනයට බලපෑමක් සිදු නොවෙනු ඇති නාසිවරු විශ්වාස කළහ.
මෙයට අමතරව කොමියුනිස්ට්වාදීන් පුනුරුත්තාපන කදවුරු ගත කරන ලදී. පාර්ලිමේන්තුවේ සියලු බලතල තමන් භාරයට ගත් හිට්ලර් විශේෂ නියෝගයක් මගින් ජර්මනියේ සියලු දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති තහනම් කරන ලදී. තහනම් නොකළ එකම පක්ෂය නාසි පක්ෂය පමණක් විය. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය තුළ බහුවිධ පක්ෂ ක්‍රමයක් පැවතිය යුතුය.නමුත් හිට්ලර්ගේ පාලන ක්‍රමය තුළ වෙනත් පක්ෂ වලට දේශපාලනයේ නියුතු වීමේ අයිතිය අහෝසි විය.මෙය ප්‍රජාතන්ත්‍රවාදී පලනයේ මූලික ලක්ෂණයක් කඩවීමක් ලෙස හදුන්වාදිය හැකිය. සියළුම පක්ෂ තහනම් කිරීම මගීන් හිට්ලර් ඒකාධිපති පාලනයක් දියත් කළේය.මෙය ප්‍රජාතන්ත්‍රවාදයට පටහානි වෙයි.කිසිදු විටක නාසි පක්ෂයට අභියෝගත්මක වන පක්ෂයක් නොතිබීම නිසා ඔවුන්ට සිය අභිමතය පරිදි පාලනය දියත් කල හැකිවිය.වෘත්තීය සමිති තහනම් කිරීම මගින් සේවකයන්ගේ අයිතීන් ලබාගැනීමට නොහැකිවිය.පලනයෙනේ වන අඩු පාඩු වලට එරෙහිව හඩ නැගීම සිදුකිරීම නොහැකි විය. මෙමගින් සේවකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහෝසි කිරීමකි.
ආර්ථික,ජනමාධ්‍ය,යුධ හමුදා,අධිකරණ බලය තමන් යටතට ගැනීමට හිට්ලර් සමත් විය. සියලුම බැංකු වල ප්‍රධානීන් ලෙස පත් කරනු ලැබුවේ නාසිවරුය.රාජ්‍ය භාණ්ඩාගාර,විශාල කර්මාන්තශාලා වල පාලනය නාසි වරුන් සතුවිය. යම් රටක සියලුම ආර්ථිකය හැසිරවීමේ බල තල රටෙහි පාලකයා සතු නම් එම පාලනය ප්‍රජාතන්ත්‍රවාදී නොවෙයි.පුද්ගලික ආයතන වලට තමන්ට රිසි පරිදි ආර්ථික කටයුතුවල නිරතවීම තහනම් විය. සියලුම ආර්ථික ක්‍රියා පාලකයාට අවශ්‍ය පරිදි අත්තනෝමතිකව සිදුවිය.නාසි ආර්ථික ප්‍රතිපත්තිපත්ති වලට එරෙහි වන සාමාන්‍ය ජනයා සතු ධනය රජ්‍ය සන්තක කිරීම සිදුවිය.
මාධ්‍ය සහ හමුදාවේ,අධිකරණයේ, පාලනය රජය සතුවිය.මාධ්‍ය නිදහස නොමැති විට පාලකයන්ට ජනතාවට තමන්ගේ අත්තනෝමතික පාලන ක්‍රමය සාධාරණීයකරණය කළ හැකිය. එවිට කිසිදු විටක ජනතාවට ප්‍රජාතන්ත්‍රවදයට එරෙහිව ගෙනයන පාලනයට විරුද්ධව නැගී සිටිය නොහැකිවෙයි.
අධිකරණය ඒකාධිපති පාලනයට යටත්ව තිබූ හෙයින් පාලනයේ වැරදි වලට එරෙහිව ජනතාවට සාධාරණයක් ඉටුකර ගැනීමට නොහැකිවිය. සාමාන්‍ය ජනයාට සිදුවන අසාධාරණ වලට එරෙහිව සාධාරණය ඉටුවන එකම තැන වන අධිකරණයේ බලය නාසි සතුවූ නිසාවෙන් සෑම නඩු පසිඳලීමක්ම නාසින්ට අවශ්‍ය පරිදිවිය. වැරදි කල නාසි වරුන්ට කිසිදු ලෙස නීතය ක්‍රියාත්මක වීමක් සිදු නොවීය.ඒ වෙනුවට නාසි මතයට එරෙහිව ගිය පුද්ගලයන්ට දැඩි දඩුවම් විදීමට සිදු විය. හමුදා බලයද නාසීන් සතුවීම නිසාවෙන් රටෙහි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය මුළුමනින්ම විනාශවිය. රටෙහි සිවිල් ආයතන පවා ස්වාධීන නොවීය. සියලුම ආයතන නසින්ගේ යටතේ පැවතුනු නිසා ප්‍රජාතන්ත්‍රවාදය කිසි ලෙසම පැවතුනු බව විශ්වාස කිරීම පවා කල නොහැක.
නාසි තමන්ගේ අභිමතය පරිදි සමාජයේ බලය තමන් යටතට ගැනීම ක්‍රමයෙන් ආරම්භ කළේ පොළීසියේ සහ නව ආරක්ෂක සංවිධාන සමූහයක ආධාර ඇතුවය. SS,SD,SA යන සංවිධාන එම ආරක්ෂක සංවිධාන වලට උදාහරණවේ. ඉහත කී සංවිධාන වලට කිසිදු නීතිමය අවසරයකින් තොරව සාමාන්‍ය ජනයා අත්තඩංගුවට ගැනීමට බලය සතු විය. මීට අමතරව පුද්ගලයන් ගෑස් කුටි තුළ ඝාතනය,සිර කදවුරු තුළ සිර කර තැබීම කිසිදු නීතිමය ක්‍රමයකට නවතාලිය නොහැකි විය. මෙලෙස සාමාන්‍ය ජනයා අත්තනෝ මතික ලෙස සිරගත කිරීම ඝාතනය ප්‍රජාතන්ත්‍ර වාදයේ අන්ත පිරිහීම මානව පෙන්නුම් කරදෙයි. හිට්ලර්ගේ පාලන සමයේදී ජනතාවගේ ජීවත්වීමේ අයිතිය පවා පාලනතන්ත්‍රය උදුරා ගැනීමට තරම් ජර්මනියේ ප්‍රජාතන්ත්‍රවාදයක් නොතිබුණි.ජීවත් වෙමේ ඓතිය පවා නොතිබේනම් එතන ප්‍රජාතන්ත්‍ර වාදයේ අංශු මත්‍රීය හෝ රදා පැවැත්මක් තිබිය නොහැකිය.
නාසි පාලන ක්‍රමය තුලදී ,
මිනිසුන්ට සමානාත්මකතාවය නොලැබුණි
තඹ හිසකෙස් ඇති, නිල් ඇස ඇති ආර්ය ජර්මානුවන්ට සමාජයේ උසස්ම තැන හිමි වන ලදී
යුදෙව්වන් පහලම ජන වර්ගය ලෙස පහත හෙලන ලදී. ඔවුන් ආර්ය යුදෙව්වන්ගේ පරම සතුරන් ලෙස සලකන ලදී
සමෙහි විවිධ වර්ණ සහ විවිධ ශාරීරික ලක්ෂණ අනුව විවිධාකාරයට සලකන ලදි
පෝලන්ත සහ රුසියානු ජාතිකයන් ඉතාමත්ම පහත මිනිසුන් කොටසක් ලෙස සලකන ලදී.
මෙලෙස මිනිසුන්ගේ ජාතිය සහ ඔවුන්ගේ ශාරීරික ලක්ෂණ වලට අනුව බෙදීමකට ලක්කිරීම ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි.සියලුම මිනිසුන්ට සම අයිතිවාසිකම් ලබාදීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයකි. හිට්ලර් සිය ආර්ය ජර්මානුවන් හැර සියලු මිනිස් වර්ගයා කොන්කළ හැරියේය. අනෙක් මිනිසුන්ගේ අයිතීන් උල්ලංගනය කළේය. විශේෂයෙන්ම යුදෙව්වන් සමුහ ඝාතනය කළේය.

ජර්මානුවන්ට අවශ්‍ය සම්පත් ලබාගැනීමට ඔහු සොවියට් දේශයේ ඇතැම් කොටස් සහ පෝලන්තය ආක්‍රමණය කළේය මෙය ජාත්‍යන්තර නීතිය සහ ලෝක සමයට එරෙහි විය.මෙවැනි ක්‍රියා ජර්මනිය තුල පමණක් නොව වෙනත් රටවල පවා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට එල්ලකළ අභියෝගයක් විය.පෝලන්තය සහ රුසියානු භුමි යටත් කර ගත පසුව ඒවායේ වෙසෙන පෝලන්ත සහ රුසියානු ජාතිකයන් වහල් සේවයල යොදවන ලදී. බොහෝ වහල් සේවකයන් නිරාහාරව තබා වැඩ ගන්න ලදී. මේ අතරින් සැලකිය යුතු පිරිසක් අධික ලෙස වැඩ කිරීම නිසා මිය යන ලදි. වහල් සේවයේ මිනිසුන් යෙදවීම යනු මිනිසුන්ගේ නිදහස උදුරා ගැනීමකි.මෙහිදී පෝලන්ත සහ රුසියානු යන ජනතා ප්‍රජාවගේ අයිතීන් නාසිවරු විසින් උදුරා ගැනීමක් සිදුවී ඇත.මීට අමතරව ප්‍රජාවගේ මූලික ඓතියක් වන අහර පාන ලබා ගැනීම පමණක් නොව නිදහසද හිලට්ලර් විසින් උල්ලංගනය කරනලදී.ප්‍රජාවගේ අයිතීන් ඉටු නොවන තැන ප්‍රජාතන්ත්‍ර වදයක් පැවතිය නොහැකිය.
හිට්ලර්ගේ පාලන තන්ත්‍රයේ මුල් අවදියේදී යුදෙව්වන්ට ජීවත්වීමට සිදු වුයේ ග්හෙට්ටෝස් නම් සීමාවූ ප්‍රදේශයක් තුල පමණකි. මිනිසුන්ට තමන්ට රිසි ස්ථානයක වාසයට පරම අයිතියක් පවතී.මෙය තමන්ගේ ජාතිය මත කිසිවෙකුට සීමා මායිම් පැනවිය නොහැකි වෙයි.නමුත් ජර්මනියේ විසූ යුදෙව්වන්ට එවන් අයිතිවාසිකමක් නොවීය. ඔවුන්ට යම්කිසි කුඩා ප්‍රදේශයට වී ජීවත් වීමට සිදුවිය. මෙය යුදෙව් ප්‍රජාවගේ අයිතීන් උදුරා ගැනීමක් විය. එසේනම් යුදෙව්වන්ගේ ප්‍රජා අයිතීන් අහෝසි වීනම් එතැන්හි ප්‍රජාතන්ත්‍රවාදය දැඩි ලෙස බිඳ වැටීමක් වී ඇති නොරහසකි. 1933 සිට 1938 දක්වා කාලය තුලදී යුදෙව්වන්ට ජර්මනියෙන් පිටවෙන ලෙස නාසිවරුන් බලකරන ලද අතර 1939 සිට 1945 දක්වා වූ කාලය තුලදී යුදෙව්වන් පෝලන්තයේ ගෑස් කුටිතුල සමුහ ඝාතනය කරන ලදී.
වැඩිහිටියන්ට පමණක් නොව දරුවන්ටද හිට්ලර්ගේ දැඩි ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ පිලි වෙලා නිසාවෙන් වන්දි ගෙවීමට සිදුවිය.
නාසිවරු පාසල් වලින් යුදෙව් දරුවන් ඉවත් කරන ලදී.ළමුන් ජර්මානු ළමයින් සහ යුදෙව් ළමයින් ලෙස වර්ග කොට සැලකීමට ලක්කරන ලදී. කෙසේද යත් යුදෙව් ළමුන්ට ජර්මානු ළමයින් සමග එකට ඉඳ ගැනීම හෝ සෙල්ලම් කිරීම පවා තහනම් විය.පාසල් පෙළ පොත් වලට නාසි වාදය ඇතුලත් කෙරුණි.නාසි පාලනය වන්දනා මාන කිරීම අනිවාර්‍ය කටයුත්තක් බවට පාසල් වලට නිවවේදන නිකුත් කරන ලදී.
නාසි පාලකයන් විසින් යුදෙව් ළමුන්ගේ අධ්‍යාපනයට ඇති අයිතිය පවා අහිමි කළේ ඔවුන් අධ්‍යාපනය ලැබුවහොත් සිය පාලන ක්‍රමයට තර්ජනයක් වෙති ඇතිවූ බිය නිසාවෙනි. කිසි ලෙසක ප්‍රජාවකට සිය ජාතිය ජන වර්ගය මත අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය නැතිවෙනම්,එම රටෙහි පාලනය ප්‍රජාතන්ත්‍රවාදී නොවෙයි.තවද ජර්මානු කුඩා ළමුනට යුදෙව් ජාතික ළමුන් සමග එකට ඉඳ ගැනීම පවා තහනමට ලක්වීම කොතරම් ජාති වාදය උඩු දුවා ඇතිදැයි මනා කොට පෙන්වා දෙයි. අධ්‍යාපන විෂයට නාසි වාදය වැනි කුරිරු සංකල්ප එකතු කිරීමෙන් පැහැදිලි වනුයේ යහපත් දේ සහ නිසි ප්‍රමිතියෙන් යුතු අධ්‍යාපනයක් ලැබීමට ළමුන්ට ඇති අයිතිය මුළුමනින්ම අහිමි වූ බවයි.මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදය නොදත් ඉදිරි පරපුරක් ගොඩ නැගීම අරමුණ විය. මෙය කිසි ලෙසකම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සතු ලක්ෂණයක් නොවෙයි.ඒ පමණක් නොව නාසි පාලනය බලෙන් වන්දනාවට පත්කිරීම අති ඒකාධිපති මෙන්ම ප්‍රජාතන්ත්‍රය මුලින් උපුටා දැමීමේ පියවරක් විය.මෙලෙස සමාජයේ අති සංවේදී සහ හිමිකම් ලබියම යුතු කොට්ඨාශයක් වන ළමුන්ට පවා නිසි ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ලබා නොදීමෙන් කොතරම් ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් පැවතුනේද යන්න මනාව පැහැදිලිය.
තවද කාන්තාවන්ට සිය නිදහස මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීව ජීවිතය ගෙන යා නොහැකිවිය.
පෙනුමෙන් ප්‍රසන්න ළමුන් ඇති මව්වරුන්ට විශේෂ වරප්‍රසාද ලැබුණු අතරම ප්‍රසන්න පෙනුම නොමැති ළමුන් ඇති මව්වරුන්ට වධ හිංසා පනවන ලදී.ජර්මානු කාන්තාවන්ට යුදෙව්වන් සමඟ සම්බන්ධතා පැවැත්වීම දඩුවම් ලැබිය හැකි වරදක් විය.
ඉහත සදහන් පරිද්දෙන් ජර්මානු ජාතික කාන්තාවකට වුවද සිය නිදහස අහිමි විය.සිය දරුවාගේ පෙනුම මත ඇයට සමාජයේ සැලකුම් ලැබෙන පරිදි ප්‍රජාතන්ත්‍ර විරෝධී මතවාද නාසීන් විසින් ගොඩ නගා තිබුණි. ජර්මානු කාන්තාවකට සිය කැමැත්ත මත හෝ යුද්දෙව් ජාතිකයෙකු සමඟ සබදතා පැවැත්වීම වැලක්වීම අතිශය ප්‍රජාතාන්ත්‍රික විරෝධී විය.හිට්ලර්ගේ මතවාදයට අනුව කාන්තාවන්ගේ පරම යුතුකම වනුයේ වර්ගයා බෝකිරීම පමණකි.මේ නිසා කාන්තාවට පවා සිය අයිතීන් අහිමි විය.විශේෂ සැලකුම් ලැබිය යුතු සමාජ ඛාණ්ඩ වන ළමුන්ට සහ කාන්තාවට අයිතීන් නිසි ලෙස ඉටු නොවෙයි නම් එම පාලනය ප්‍රජාතන්ත්‍රවාදී නොවෙයි.
හිට්ලර් විසින් දියත් කරන ලද නාසි පාලනය තුල ප්‍රජාතන්ත්‍රවාදය දක්නට නොමැත. දහස් ගණන් ජීවිත අහිමි කිරීම,රජයේ නිලධාරීන් අභිමතය පරිදි සේවයෙන් පහකිරීම,හමුදාව සිය යටතට ගැනීම,පොලීසිය සිය පාලනය යටතට ගැනීම,පුද්ගලික ආරක්ෂක සේවාවන් පිහිටුවා මිනිසුන් තාඩන පීඩනයට ලක්කිරීම,අධිකරණයේ ස්වාධිපත්‍ය තමා යටතට ගැනීම,නාසිවරුන්ට එරෙහිව නිසි පිරිදි නීතිය ඉටු නොකිරීම,පාර්ලිමේන්තුවේ පාලනය තම යටතට ගැනීම,සියලු දේශපාලන පක්ෂ තහනම් කිරීම,දේශපාලන පක්ෂ වලට සම්බන්ධ පුද්ගලයන් ඝාතනය කිරීම,මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීම,ජනමාධ්‍ය නිදහස උල්ලංගනය,ආර්ථිකයේ ඒකාධිපති පාලනය,අධ්‍යාපනයට සැමට ඇති අයිතිය සීමා කිරීම,ළමුන්ගේ අයිතිවාසිකම් සීමා කිරීම,කාන්තා නිදහස ලබා නොදීම,ජාත්‍යන්තර නීතිය සහ සාරධර්ම වලට පටහැනි වෙමින් වෙනත් රටවල් ආක්‍රමණය කිරීම, වහල් සේවය පවත්වාගෙන යාම, කම්කරුවන්ගේ අයිතීන් පිටු කීම වැනි ක්‍රියා හේතුවෙන් හිට්ලර්ගේ නාසි පාලනය ප්‍රජාතන්ත්‍රවදයට එරෙහිව දියත් කරන ලද ඒකාධිපති පාලනයක් ලෙස හදුන්ව දිය හැකිය.
Leave a Comment