නිසදැස්

පැතුම් මල්

ශාන්ත ගමනින් මග පිය මැන
යන ඔබ දෙස හෙමිහිට බලා
දෑත රැඳී ඒ උදේ අහරය
දානයක් කොට පුද එදා
පැතුවාලු පැතුම් මල්
පුබුදින මතු සදා
ශාන්ත ගමනින් මග පිය මැන
යන ඔබ දෙස හොරැහින් බලා
ලොවේ ඇති සදා නොමැකෙන
සත්‍ය සිහිපත් වී මෙදා
නෙතග රැඳී ඒ කදුළු බිදුවක්
කොපුල මත රූරා ගියා….

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

ඉරේෂා උදයංගනී

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment