අතැඟිල්ලක එල්ලී පෙරදා
උණුහුම විඳ මා හා උන්නා
තොල්පෙති අග මදහස පුරවා
මුව හසරැල් ඉඟි බිඟි පෑවා..
මතකයි මට අද මෙන් ඒ රුව
තුරුලට වී උන් හිඳ කාලය
අද දෙතැනක ගෙවෙමින් දවසම
හද වැලපෙයි සිහිවන ගැමවිට…
සොඳුරියෙ ඔබ දුරස් වී
මා හැරදා ඇයි ගියේ
සිහිවන විට හැම මොහොතෙම
හිත විමසයි ඒ සුන්දර ලය
මේ පදවැල් අද මගේ
ඔබ හටමයි මිහිරියේ..
සුසුමන් මගේ දැනෙනවනම්
නැවත එන්න මා වෙත පෙරසේ..
දෙකොපුල් විදහාලා
කඳුලට අත වනලා
එන බව දැනෙයි මට අද මෙන් සිහිනයේ..
හැඬවුණු සිත යලි සදා…ඔබ ඒවී මා සොයා
හිත දැවෙමින් ඉකි බිඳී සොඳුරියේ
තවමත් මේ හිත සොයමින් ඔබෙ රුව
අයැදී සෙනෙහස පෙරසේ..
පණසේ රැකගමි මියැදෙන තුරු මගෙ ජීවේ.
– කිත්තා –
Leave a Comment