දක්කගෙන එනකොට
කෑලි කපන කළුවර
උඹ හිටියේ
තනේ එල්ලිලා
හොද සුවයට
ලොරි පෙට්ටියේ
අප මෙන් අෑයෝය
මර ලතෝනි දෙන
හය හතරක් නොදැන
උඹ ගුළි වුනා
මගේ උණුහුමට
ලෝක දෙකක තනිවුනත්
මං උන්නා
හොද හෙවිල්ලෙන්
උඹ ගැන
දැන් හොද වයසලු
මසට අැග හොද ගානලු
කියනවා අැහුණා
නරුම මිනිස්සු
කොයින් හව්හරණක්ද
සිව්පා අනේ අපට
පිං කැමැත්තෝ අැත්නම්
තවත් මනුලොව
අනේ බේරගන්න
මගේ පොඩි එකාව
Leave a Comment