නිසදැස්

පියෙකුගෙ කඳුළු

නෙත් මතින්
ගැලු කඳුළු කැටයක්
පපු කඳන් රූරා වැටෙද්දී
පොළොව සිපගත්
ඒ කඳුළු කැට ගිගුම් කෑවා
මහ හඬක් දී
ගැබින් ගිළිහුණු වැහි බින්දු කැට
කටු පොළොව
මත වැටෙද්දී
නැතේ දෙදරුම් නැතේ ගෙරවිලි
වැටුණෙ පියෙකුගෙ
කඳුළැලි නොවෙද්දී

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

දිනිති හසංකා

ශාස්ත්‍ර පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment