දුර ඈත දවසකට හිත හෙමින් දුවයි
නුඹ දෑත ගත් දිනය නෙත් කොණක මැවෙයි
ඉණ ගාව රැලි සේලෙ එදත් හරි හැඩයි
රුව ගාව නැවතුනේ සසර හුරුවටයි
අවාරෙට ආවඩා ඉවසුවෙත් අපියි
ඉඩෝරෙට හුරු වෙවී හිනැහුනෙත් නුඹයි
දරාගෙන දුක් කඳුළු එදත් අද වගෙයි
කිරි සිහින ළං වුණේ තුටු කඳුළු මැදයි
කොරිඩෝව කෙළවරක හිත හීන බරයි
දොරකඩම සිර කෙරුණු නෙත් යුගල තෙතයි
නුඹ මෙන්ම නොදුටු මල මට මගේ ලොවයි
නෙත් සතර දකිනකොට පාන්දර දෙකයි
Leave a Comment