පිළිකා රෝගයකින් පෙළෙන වැඩිමහල් සොයුරියගෙන්, බාල නැගණියට අදහසක්...! අම්ම ලඟ නැති උනත් තනි නොකර තිස්සෙ.. උඹට මව් වගෙම පියතුමගෙ සෙනෙහෙ අඩුනොකර හැමදේම තුරුලෙ නුඹ රැක්කේඋඹව මම රැක්කේ පෙණ පිඬක් වාගේ...! ඇඳ උඩම ඉද්දි ලෙඩ ගානේ දවසේ උඹේ සුදු මූණේ හිනාව අස්සේ කියැවෙනවා ඉන්නේ උඹත් හරි දුකසේ මැණිකෙ උඹ නාඩන් මේ මගේ කරුමේ...! කල අකුරු නවතන් සොයන්නට කාසී උඹෙ හීන එලිවෙන්න දිවා රෑ වෙහෙසි දකිද්දි උඹෙ මූණ දොරකඩට ගොඩවි මහන්සිය යනවා මගෙ දුර ඈත පාවී...! මල් ගවුම් ඇඳලා හැඩබලා කැරකීලා වරලසත් ගොතලා මල් දාලා සැරසීලා පුයර ගල්වාලා සුදු මූණ හැඩවීලා සිනහවෙන් ගෙව්වා පෙරදිනේ හිනැහීලා...! ජීවිතේ මගේ මෙයින් නිමවේවී හෙටින් පසු ලෝකේ උඹව තනි වේවී උඹව ඩැහැගන්න උන් බලන් ඉදීවී හෙටින් පසු ජීවිතේ තව කටුක වේවී...! මම දීපු ඔවදන් හොඳින් පිලිපැදපන් අම්මගෙයි අප්පගෙයි ගෞරවේ රැකපන් කෲර මේ ලෝකේ ජීවිතේ හුරුවෙයන් මන් යනවා මැණිකේ දැන් ඉතින් නාඩන්...!
මේ ලියන අකුරක් අකුරක් ගාණේ,මෙය කියවන හදවතක් හදවතක් ගාණේ සුව පතමු, දින ගණින හදවත් වලට…
Leave a Comment