කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨ ROTARACT සංවිධානය විසින් මෙවර සංවිධානය කර ඇති උතුම් සමාජ සත්කාරයක් වන ‘සෙවණ’ ව්‍යාපෘතිය පිළිබඳ තොරතුරු සොයා යාමේ සහ එවන් උතුම් සමාජ සත්කාරයන් පිළිබඳ පාඨක ඔබ දැනුවත් කිරීමේ අරමුණින් අද අපි විද්‍යා පීඨ ROTARACT සංවිධානයේ වත්මන් සභාපති වන භාසුර පෙරේරා සොයුරා සහ වත්මන් ලේකම්තුමිය වන නවීන්ද්‍රා කීර්තිසිංහ සොයුරිය සමඟ කෙටි පිළිසඳරක යෙදුණා.
මුලින්ම අපේ කතාවට එක්වුණේ ROTARACT සංවිධානයේ වත්මන් ලේකම්තුමිය වන නවීන්ද්‍රා කීර්තිසිංහ සොයුරියයි.
Q1.කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨ ROTARACT සංවිධානය විසින් මෙවර තවත් උතුම් සමාජ සත්කාරයකට මුල පුරන බව අපට දැනගන්න ලැබුණා. මේ ව්‍යාපෘතියේ නම සහ ඒ ගැන පුංචි විස්තරයක් කිව්වොත්?
අපි මේ ව්‍යාපෘතිය නම් කරලා තියෙන්නේ ‘සෙවණ’ කියලා. විශේෂ අවශ්‍යතා ඇති ළමයින් සඳහා තමයි අපි මේ ව්‍යාපෘතිය සංවිධානය කරන්නේ.
Q2. මේ ව්‍යාපෘතියෙන් මොනවද වෙන්නේ?
අපි විශේෂ අවශ්‍යතා ඇති ළමයින් ඉන්න ළමා නිවාසයක් වෙන ‘ප්‍රීති පුර’ කියන ළමා නිවාසයේ ළමයින්ව ඔවුන්ගේ සුපුරුදු තැනින් පොඩ්ඩක් එළියට අරන් ඇවිල්ලා එයාලව සතුටු කරන එක තමා අපේ පරමාර්ථය.
Q3. මෙවන් ව්‍යාපෘතියක් ROTARACT සංවිධානය කරන පළමු වතාව මෙයද? එසේත් නැතිනම් මේ ව්‍යාපෘතිය කීවෙනි වතාවටද පවත්වන්නේ?
නැහැ. අපි මේ ව්‍යාපෘතිය කරන තුන්වෙනි වතාව තමයි මේ.
Q4. ගිය වසර වල මේ ව්‍යාපෘතිය කොයි ආකාරයටද සිදු වුණේ? ඒ වසර වලත් මේ ව්‍යාපෘතිය සාර්ථක අන්දමින් සිදු වුණාද? ඒ ගැන ටිකක් මතකය අවදි කළොත්?
ඔව් කලින් කිව්වා වගේ අපි මේ ව්‍යාපෘතිය කරන තුන්වෙනි වතාව. කලින් අවුරුදු වලත් මේ ව්‍යාපෘතිය සාර්ථකව සිදු කෙරුණා.
Q5. මෙවර මෙම සෙවණ ව්‍යාපෘතිය පවත්වන්නේ කොයි ප්‍රදේශයේද? ඒ වගේම මෙවර සංවිධානය වෙන ව්‍යාපෘතියේ විශේෂත්වය ගැනත් ටිකක් සඳහන් කළොත්?
අපි පළමු වසරේ තෝරා ගත්තේ සෙවණ කියන ළමා නිවාසය. නමුත් ගිය වසරේ සහ මේ වසරේදි අපිට ඔවුන්ගේ තිබුණ වැඩකටයුතු සමඟ වෙලාවක් වෙන් කරගන්න අපහසු වුණ හින්දා අපි ‘ප්‍රීති පුර’ ළමා නිවාසය තෝරාගත්තා.
මෙහිදී අපි ඔවුන්ව සීතාවක උද්භිද උද්‍යානයට රැගෙන ගිහින් ඔවුන් සමඟ සෙල්ලම් කරලා, ඔවුන් සමඟ විනෝද වෙලා ඔවුන්ට ඒ පරිසරය සමඟ ගැටෙන්න අවස්ථාවක් දීලා ඔවුන්ව සතුටු කරන්න තමා අපේ බලාපොරොත්තුව.
Q6. අවසාන වශයෙන් විද්‍යා පීඨ ROTARACT සංවිධානයේ ලේකම්තුමිය වශයෙන් ඔබට මොනාද අපගේ පාඨකයන්ට කියන්න තියෙන්නේ?
අපි Rotaract club එකෙන් ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ අපේ සහෝදර සහෝදරියන්ගේ Professional Development Skills වැඩි කරන්න. ඒ වගේම ඔවුන්ට Community Service සඳහා අවස්ථාවක් ලබා දෙන්න. ඉතින් මට කියන්න තියෙන්නේ අවසාන වශයෙන් අපිත් එක්ක එකතු වෙන්න, එකතු වෙලා මේ වගේ දේවල් වලින් හොඳ අත්දැකීමක් ගන්න කියලා තමයි.

ඉන්පසු අපි යොමුවුණේ කොළඹ විශ්ව විද්‍යාලයීය ROTARACT සංවිධානයේ වත්මන් සභාපති භාසුර පෙරේරා සොයුරා වෙත.
Q7. කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨ ROTARACT සංවිධානයේ වත්මන් සභාපති තුමා වශයෙන් මම ඔබගෙන් අහන්න කැමතියි ROTARACT සංවිධානය විසින් මෙවන් උතුම් සමාජ සත්කාරයන් කිරීමේ අරමුණ මොකක්ද? ඒ වගේම මෙයට අවශ්‍ය මුල් බීජය කොයි විදිහටද වැටුණේ?
ඇත්තටම අපේ ROTARACT සංවිධානයේ ප්‍රධාන avenues 4ක් තියනවා. Community Service, Professional Skills Development, International Understanding, Club Service. මේ 4න් community service එකට අදාළව වැඩිය කාගෙවත් අවධානයක් යොමු නොවෙච්ච පැත්තක් විදිහට මේක අපි දැක්ක හින්දා තමයි මේ වගේ ව්‍යාපෘතියක් කරන්න මුල පිරුවේ.
Q8. කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨ ROTARACT සංවිධානයේ ආරම්භය ගැනත් මඳක් කතා කළොත්?
අපි තමා මෙහි 13 වෙනි නිල මඬුල්ල. 2004 තමා අපේ සංවිධානය ආරම්භ කරලා තියෙන්නේ. ඒ වගේම විශ්ව විද්‍යාල අතරින් දෙවනියට පටන් අරන් තියෙන්නේ අපේ සංවිධානය.
Q9. කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨ ROTARACT සංවිධානය අද දක්වා විශාල ගමනක් පියවරෙන් පියවර ඇවිත් තිබෙනවා. ඒ ආපු ගමන් මගේදී ඔබ සංවිධානය ලැබූ බාධක කම්කටොලු වගේම ජයග්‍රහණත් බොහොමයක් ඇති. ඒ ලබපු ජයග්‍රහණ ගැනත් අපි ටිකක් කතා කරමු.
අපේ ROTARACT district එකට අයිති වෙන්නේ ලංකාවේ තියන ROTARACT Club සියල්ලමයි මාලදිවයිනේ තිබෙන ROTARACT Club එකයි. ඒවා සියල්ලම අතරින් Professional Development සඳහා පසුගිය වසරේදි Future Challenges silver award එකක් ලැබුණා. ඒ වගේම අපේ ‘අඛන්කාර’ සඳහා Bronze award එකක් ලැබුණා.
ඒ වගේම ROTARACT district එකේ club අතරින් හොඳම club 5 අතරට තේරිලා පසුගිය වසරේදි Gold award එකක් දිනපු එකම රජයේ විශ්වවිද්‍යාලයක පවතින ROTARACT Club එක අපි.
Q10. ඉතින් අද දවසේ ඔබ මේ මුලපුරන්න යන උතුම් සමාජ සත්කාරය වන ‘සෙවණ’ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න උදව් කරන විශාල පිරිසක් ඔබ පිටුපස ඇති. ඒ අය ගැන සිහිපත් කරන්න වගේම ඔවුන්ට ස්තුතිය පිරිනමන්නත් ඔබට මෙය අවස්ථාවක් කරගන්න පුලුවන්.
මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ පසුපසින් හිඳිමින් අපිට මගේ පෙන්වන අපේ incharge රමණි වීරසේකර මැඩම්. ඒ වගේම අපේ පීඨාධිපති තුමාටත්. මොකද ROTARACT Club එක කිව්වම අපේ විද්‍යා පීඨය තුළ විශාල පිලිගැනීමක් තිබෙනවා, ඒ එතුමන්ලා හින්දා. ඒ වගේම හිටපු සභාපතිවරුන්ට, අපේ board එකට සහ සියලුම සාමාජිකයන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපිට මේ ව්‍යාපෘතියේදි දායක වුණ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාව ලබාදීම ගැන Colombo Beacon එකටත් ස්තුතිවන්ත වෙනවා.

Q11. මෙවන් සමාජ සත්කාරයක් කිසියම් සුලු පිරිසක් පමණක් එකතුවෙලා කරනවාට වඩා එයට මේ විශ්වවිද්‍යාලය පුරාම වගේම රටපුරා විසිරී සිටින කරුණාවන්ත හදවත් ඇති උතුම් මිනිසුන් රැසක් එක්කරගෙන කරනවානම් එය මහත් ඵල මහානිසංස ලැබෙන පුණ්‍යකර්මයක් වනවා නොඅනුමානයි. ඉතින් මේ උතුම් සමාජ සත්කාරයට, මේ උතුම් පුණ්‍යකර්මයට අපගේ හිතවත් Colombo Beacon පාඨකයින්ට ආරාධනා කරන්න මම ඔබට ඇරයුම් කරනවා.
ඔව් ඔක්තෝබර් 31 වෙනිදා උදෑසන තමා අපි පිටත් වෙන්නේ සීතාවක උද්භිද උද්‍යානයට. ඕනෑම කෙනෙකුට මේ සඳහා සහභාගි වෙන්න පුලුවන්. ඒ වගේම donate කරන්න තවමත් ප්‍රමාද නැහැ. එහෙම කැමති කෙනෙක් ඉන්නවානම් මේ දුරකතන අංකයට කතා කරන්න.
0716277305 – භාසුර පෙරේරා
ඒ වගේම අපේ නංගිලා මල්ලිලාටත් ආරාධනා කරන්න කැමතියි අපිත් සමඟ එකතුවෙන්න කියලා.
Leave a Comment