නිසදැස්

‘පුතේ’ කියා මා අමතන හඬ මට ආසයි අහන්න..

සඳ දෙව්ඳුනි අයදිමි මම
මේ රැය තව දිගු කරන්න
ඈ ඇවිදින් මගෙ සිහිනෙට
යන්න දෙන්න බෑ හනිකට

හිරු කුමරුනි හැකිද නුඹට
පමාවෙලා වඩින්න හෙට
සුදූ වත ඇඳි ඈ සමඟින්
සිහිනෙන් දොඩමළුව ඉන්න

තරු ළඳුනේ මේ අහන්න
බැබළී මට එළිය දෙන්න
මට අවැසිය ඇගේ මුහුණ
තවත් හොඳින් දැක ගන්නට

සිසිල් සුළඟ නුඹ එනවද
ඇවිත් යන්න මේ පැත්තට
මං ආසයි ඇගෙ උණුහුමෙ
ගුලි වී තව තව නිදන්න

රැහැයියනේ සමාවන්න
එපා තවත් හඬ නඟන්න
‘පුතේ’ කියා මා අමතන
හඬ මට ආසයි අහන්න

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

සළුනි චනීෂා මධුපංචනී

විද්‍යා පීඨය - උපාධිධාරි
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment