නිසදැස්

පුදුමය…

දෙනෝදාහක් මැද
මුණගැසුණු දෑසක් ලඟ
ජීවිතය බැඳෙන එක පුදුමයක්... 

ප්‍රශ්න සයුරක ගිලෙන
මිනිසෙකුගේ මුවක් මත
සිනහවක් මවන එක පුදුමයක්... 

විටෙක සිඟමන් යදින
විටෙක නොමිලෙම ලැබෙන 
ආදරය තවත් එක් පුදුමයක්... 

ආදරය ඇති කරන 
ආදරය එපා කියන
ඔබත් එක්විටෙක මට පුදුමයක්...
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

නාලක ලක්ෂ්මන්

විද්‍යා පීඨය-තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment