වැජඹෙන්නට නුඹෙ නාමය පුරවරයේ
සනසන්නට මා දොම්නස් හද ගැඹුරේ
රන්ඳන්නට නුඹෙ ස්නේහය මා රෙජිණේ
තැනුවෙමි මා මන්දිරයක් නුඹ නමිනේ
ඇගෙ නාමෙන් පිපෙනා රොබරෝසියනේ
හිස්ව ගොසිනි සඳළු තලත් උඩුමහලේ
පරව ගියත් නුඹෙ සොමි වත අකාලයේ
තවමත් පිපේ පෙම් මල් නුඹෙ ස්නේහේ
සැරදේ නුඹ පුරවර මෑණිගෙ තුරුලේ
වැලපේ නුඹ නමට එය හැමවේලේ
ගෙවුණේ සියක් වසරකි මේ ප්‍රේමේ
නොහඬා සිටිනු මැන රොබරෝසියනේ
Photo Credit – Praveen Hasaranga
Leave a Comment