පෙනෙයි හෙළයෝ ඉතිහාසේ
දිවි නොතකා කළ කී දෑ
දකිනවා අද සමහර උන්
කරන අධම ජරා ක්රියා…
දිනූ දේසේ ලක්වැසියෝ
නොවේ රටක් අපිට තවත්
අපි වෙනුවෙන් අපේ ගමන
යා යුතුමයි මොනව වුණත්…
වෙඩි තිබ්බත් අපෙ පපුවට
අත අරින්නේ නෑ මව්බිම
සිංහ කොඩිය යට හැමෝම
එකයි සිහල දෙමළ කියන…
එදා අප්පු වීර පුරන්
අදත් අපේ අතර සිටියි
උනුයි පුතේ අර බලපන්
කඳුළු ගෑස් මැද්දේ ඉන්නේ…
හන්තානට ගී කියන්න
මීමුරේ අසිරිය බලන්න
රටක් ඕන නම් නුඹලට
දැන්වත් බැහැපන් පාරට…
Leave a Comment