නිසදැස්

පොරොන්දුව

වැයෙන තත්සර හඞින් මුසු වුණ
ඔබේ කටහඞ මගේම වේ නම්
සවන පිනවන මිහිරි වීණා
වයන්නෙම් මම සත්සරින්

නුඹේ නිදි සුව විඳින යහනේ
සිහින කුමරිය මමම වේ නම්
නිසල රෑ සිත් අහස් ගැබ තුළ
දිළෙන්නම් මම තරුවකින්

නෙතට කඳුළැල් නැගෙන මොහොතේ
සිහින් සිනහව මමම වේ නම්
වැටෙන රූරා ඇස් කොනේ ඔබේ
හිඳිමි කඳුලු බිඳුවක් ලෙසින්

නුඹේ ප්‍රේමයේ අයිතිකාරිය
සදාකල්හිම මමම වේ නම්
සසර සයුරින් එතෙර වනතුරු
හිඳින්නම් වස්තුව ලෙසින්…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

ජයනි විජේසිරිවර්ධන

විද්‍යා පීඨය - උපාධිදාරී
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment