දැනුම

පොල්පලා

හෙළදිව ඖෂධීය සාරය සොයායන Colombo Beacon ‘සුව ධරණි’ සුව ලිපි පෙළ ඔස්සේ සුව විරාමයකට පසු නැවතත් ඖෂධීය ශාකසාරයන්ගේ ගුණ අගුණ ආවර්ජනයටයි මේ සූදානම.

සුව ධරණී විශේෂාංගය නොකඩවා රස විඳි පාඨක ඔබ සැමට ‘සුව ධරණි’ ඊළඟ කතාංගය ලෙස පොල්පලා ශාකයේ ඖෂධීය ගුණ මෙලෙස රැගෙන ආවෙමු.

පොල්පලා

උද්භිද නාමය :- Aerva lanata
ඉංග්‍රීසි නාමය :- Balipoovu
වෙනත් නම් :- පොල් කුඩු පලා, පෘශ පර්ණි, පුස්වැන්න

ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල දක්නට ලැබුනත් වියළි කලාපයේ බහුලව දක්නට ලැබෙන ශාකයකි. පඳුරු වශයෙන් දක්නට ලැබේ.

බූව සහිත වාර්ෂික ශාකයකි. දුර්වල කඳක් ඇත. කඳ සෙන්ටිමීටර 20 – 80 අතර උසට වැඩේ. කුඩා පත්‍ර ගෝලාකාර හෝ ඉලිප්සාකාර හැඩති ය. පත්‍ර ඒකාන්තර ය. පුෂ්ප රාශියක් ඇත. ඒවා සුදු පැහැති වේ.

පොල්පලා මූත්‍රකාරක ඖෂධයකි. එම නිසා මුත්‍රා ගල්, මුත්‍රාබාධ සඳහා අගනා ඔසුවකි. මුත්‍රා අඩස්සිය, මුත්‍රා රෝග ආදිය නැසීම සඳහා සම්පූර්ණ ශාකයම තම්බා පානය කිරීම ප්‍රකට ය.

වීර්යය වඩන ඔසුවකි. දාහය, උණ, ස්වාසය, ලේ අතීසාරය, පිපාසය, වාත රෝග සහ සිහිවිකලත්වය නැසීමට මහඟු ඖෂධයකි.

තව ද හෘද රෝග, අර්ශස්, ප්ලීහා රෝග ප්‍රමේහ, කැස්ස, ඇදුම, උගුරේ ආසාදන හිස රුදා, පාචනය, අතීසාර යන රෝගයන්ට ද ප්‍රතිකාර කිරීම සඳහා පොල්පලා භාවිතා කරයි.

ගොනෝරියාව යන ලිංගික රෝගයට ප්‍රතිකාර කිරීමේදී ද ආයුර්වේදයේ පොල්පලා භාවිතයට ගැනේ.

පොල්පලා කැඳ සෑදීමට ද, පොල්පලා දළු මැල්ලුම් සෑදීම සඳහා ද යොදා ගනී. ඔසු පැන් ලෙස පොල් පලා යනු ජනප්‍රිය පානයකි.

මේ සා ඖෂධීය ගුණයෙන් පිරි පොල්පලා ඔබේ ගෙවත්තේත් වඩා හිඳුවා රැක ගැනුම ඔබට අවාසියක් නම් නොවේවි. තවත් සුව බර සුව ඔසුවක් සමගින් සුව ධරණි යාත්‍රාවෙන් නැවත හමු වෙමු.

මූලාශ්‍ර :-

  • දේශීයවෛද්‍ය ආයතනයේ ප්‍රකාශනයක් ඇසුරිනි. 
  • https://bit.ly/3azle1B 

Designed by Samith Kanshadha

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

පියුමි මධුභාෂිණී

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment