ලෝක කඩදාසි බෑග් දිනය අදට යෙදී තිබේ. නමුත් සමහර රටවල් කඩදාසි බෑග් දිනය විවිධ දිනවල දී සමරයි.
කඩදාසි බෑග් දිනයේ ආරම්භක වකවානුවක් පිළිබඳව පැහැදිලි ඉතිහාසයක් නොවුන ද කඩදාසි බෑගයේ ඉතිහාසය පිළිබඳව නම් අපට කරුණු කිහිපයක් සොයා ගත හැක.
වර්ෂ 1852 දී ඇමෙරිකානු ජාතික නව නිපැයුම්කරුවකු වන ෆ්‍රැන්සිස් වොල් විසින් පළමු කඩදාසි බෑග් යන්ත්‍රය නිපදවා ඇත. වර්ෂ 1871 දී මාග්‍රට් ඊ නයිට්ස් විසින් පැතලි පතුලක් සහිත කඩදාසි බෑගයක් නිර්මාණය කළ හැකි යන්ත්‍රයක් නිර්මාණය කර ඇත. වෙළෙඳ කටයුතු වලදී එම බෑගයෙන් ලද පහසුව නිසා “සිල්ලර බඩු මල්ලේ මව” ලෙස ඇය ප්‍රසිද්ධියට පත්විය.

මෙතැන් පටන් විවිධ ආකාරයට දියුණු කරමින් විවිධ පුද්ගලයන් විසින් කඩදාසි බෑග් නිෂ්පාදනය සඳහා විවිධ යන්ත්‍රෝපකරණ නිම කරවා ඇත. මුල් කාලයේ දී රැහැන් රහිතව කඩදාසි බෑග් භාවිත කළ ද අද වන විට ශක්තිමත් රැහැන් සහිත කඩදාසි බෑග් භාවිතයට පැමිණ ඇත.
ප්ලාස්ටික් පොලිතීන් ආදියෙන් නිපද වූ බෑගයක් වෙනුවට කඩදාසි බෑග් භාවිතා කිරීම මගින් පරි සරයට මහඟු සේවයක් ඉටු වේ. ඒ මන්ද යත් කඩදාසි බෑග් පුනර්ජනනීය සම්පත් වලින් සෑදී ඇති බැවින් ඒවා පහසුවෙන් ප්‍රතිචක්‍රීකරණය කළ හැක.
කඩදාසි නිෂ්පාදනයේ ප්‍රධාන අමුද්‍රව්‍යයක් වශයෙන් ලී යොදා ගන්නා නිසා කඩදාසි බෑගයන් පහසුවෙන් ප්‍රතිචක්‍රැකවරණයට ලක් කොට නැවත කඩදාසි බවටම පත් කර ගත හැක. තවද, කඩදාසි බෑග් ජෛව හායනයට ලක් වේ. එම නිසා පහසුවෙන් කොම්පෝස්ට් බවට ද හැරවිය හැක.
ක්‍රමානුකූලව භාවිතා කිරීමෙන් කඩදාසි බෑගයක් වුව ද දෙතුන් වරක් භාවිතයට ගත හැක.
කඩදාසි බෑග් දිනය සැමරීමේ ප්‍රධානතම අරමුණ වන්නේ පෘථිවිය මත කඩදාසි බෑග් භාවිතා කිරීමෙන් ඇතිවන ධනාත්මක බලපෑම ගැන ජනතාව දැනුවත් කිරීමයි.
ලෝක කඩදාසි බෑග් දින සැමරීමට විවිධ රටවල් විවිධාකාරයෙන් විවිධ ආකාරයේ වැඩසටහන් සංවිධානය කරයි. ඇතැමුන් එදින තේමාව කර ගනිමින් පොලිතීන් බෑග් වෙනුවට කඩදාසි බෑග් භාවිතයට ගැනීමේ වාසීන් සහ එමඟින් පරිසරයට සිදුවන වාසිය ගැන දේශන පවත්වයි. තවත් විටක කුඩා කාලයේ සිටම දරුවන්ට අත්කම් කෘති සහ වැඩසටහන් මාර්ගයෙන් කඩදාසි බෑග් භාවිතයට යොමු කරයි.
තවත් රටවල් වල කඩදාසි බෑග් භාවිතා කිරීම ධනවත්කමේ සංකේතයක් සේ සලකා රීතියක් මාර්ගයෙන් පොලිතීන් බෑගයක් වෙනුවට කඩදාසි බෑග් භාවිතයට ජනතාව යොමු කරයි.

කෙලෙස හෝ සෑම රටක්ම ජාත්‍යන්තර කඩදාසි බෑග් දිනයේ දී බලාපොරොත්තු වෙන්නේ පොලිතීන් බෑග් අවම භාවිතයට යොමු කර කඩදාසි බෑගය භාවිතා කිරීමේ ප්‍රතිශතය ඉහළ නැංවීමයි.
ඉතින්, මදක් සිතා බලන්න…
පරිසරයට හිතකර, භාවිතයට ද පහසු කඩදාසි බෑගයක් භාවිතයේ දී ඔබ තවමත් පසුබට ද කියා…
බාහිරින් ධනවත් බව ඉස්මතු කරලීම බහුතරයකට පහසුවෙන් කළ හැක. නමුත් ආධ්‍යාත්මයෙන් ධනවත් වීම කළ හැක්කේ ඥානාන්විත සුළු පිරිසකට පමණි. ආධ්‍යාත්මයෙන් ධනවත් පුද්ගලයා පරිසරයට ආදරය කරයි; රටට ආදරය කරයි; මුළු මහත් ලෝක සත්ත්ව ප්‍රජාවගේම සුව සෙත ප්‍රාර්ථනා කරයි. එවන් පුද්ගලයන් හඳුනා ගත හැක්කේ ඔවුන්ගේ ක්‍රියාවන්, හැසිරීම සහ සිතුවිලි භාවිතයන් අධ්‍යයනය කරලීමෙනි.
අපිත් මනසින් උසස් වෙමු. එක් හොඳ පුරුද්දක් මුළු මහත් ප්‍රජාවකගේම හිත සුව වේ නම් ද, එය සිදු කරලීම ද එතරම්ම අපහසු ක්‍රියාවක් නොවන්නේ නම් ද තවත් සිදු නොකර, මග හැර සිටීමේ අර්ථය කුමක් ද? ඉතින් ඔබ පරිසර හිතකාමී නම් මේ පියවර අපි ඒ වෙනුවෙන් තියමු. හැකි සෑම විටම කඩදාසි බෑගයන්ට හුරු වෙමු. පොලිතීන් බෑගයන් භාවිතයෙන් අත් මිදෙමු. එවිට, පොලිතීන්වලින් තොර හෙට දවසක් ඉබේම උදා වනු ඇත.
Leave a Comment