දැනුම

බඩ ඉරිඟු

පරිප්පු වෙනුවට බඩ ඉරිඟු ආදේශකයක් ලෙස ආහාරයට ගැනීම සෞඛ්‍යයට කෙලෙස ගුණ දේ ද?

ගුණ දැන ආහාරයට ගැනීම අප කාටත් යහපතක් වේ. එසේනම් Colombo Beacon ‘සුව ධරණී’ සුව චාරිකාව ඔස්සේ බඩ ඉරිඟු කරලේ අරුමැසිය සොයා යමු.

බඩ ඉරිඟු

උද්භිද නාමය :- Zea mays
ඉංග්‍රීසි නාමය : Corn / Maize

ශ්‍රී ලංකාවේ හේන් ගොවිතැනෙහි බහුලව වගාකරන ශාකයක් ලෙසට බඩ ඉරිඟු ශාකය හැඳින්විය හැකියි. නමුත් බඩ ඉරිඟු ශාකයේ නිජබිම වන්නේ ඇමරිකාවයි.

ශ්‍රී ලංකාවේ වියළි හා අතරමැදි කලාපවල බඩ ඉරිඟු වගා කෙරෙන අතර අනුරාධපුර, අම්පාර, මොණරාගල, මහනුවර හා බදුල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රධාන වශයෙන් වගා කෙරේ.

අකාෂ්ඨ කඳක් සහිතය. විවිධ පැතිවලට විහිදීයන කෙඳිති මුල් පවතී. ශාකයේ ඉහළින් පිහිටන අංකුර වලින් කරල් හටගනී. උස මීටර් 1.5 -3ක් දක්වා වැඩේ. ගසක කරල් එකක් හෝ කිහිපයක් හටගනී.

කෙඳි වලින් පොහොසත් බඩ ඉරිඟු කරලක පෝෂක ද්‍රව්‍ය කිහිපයක් අඩංගු වේ.

බඩ ඉරිඟු බීජයක ප්‍රධාන සංයුතිය වන්නේ,

පිෂ්ටය (75% – 77%),
ප්‍රෝටීන් (9% – 10%),
සෙලියුලෝස් හා සීනි (7%),
තෙල් (5%)
ඛණිජ ද්‍රව්‍යයන් (2% – 3%)
ආදී ප්‍රමාණයන් ය.

බඩ ඉරිඟු ඇට එක් කෝප්පයකින් සිරුරේ දෛනික කෙඳි අවශ්‍යතාවයෙන් 18.4% ක් සපුරා ගත හැක. කෙඳි සහිත ආහාර පරිභෝජනයට එක්කර ගැනීමේ වාසිය වන්නේ බොහෝ ලෙඩ රෝග රැසකට තිත තැබීමට එමගින් ඇතිවන හැකියාවයි. කොලෙස්ටරෝල් මට්ටම අඩුකිරීම, බඩවැල් ආශ්‍රිත පිළිකා වැළඳීමේ අවදානම අඩුකිරීම, කාර්‍යබහුල සමාජයේ වැඩි දෙනෙකු ගොදුරු වන ඉරිටබල් හෙවත් සින්ඩ්‍රෝම් යන රෝගී තත්ත්වය අඩුකිරීමට ද බඩ ඉරිඟු වල කෙඳි සහිත තත්ත්වය හේතුවේ. අර්ශස් තත්වයන්ට ද ගුණැති වේ.

බඩ ඉරිඟු වල පවතින කැලරි ප්‍රමාණය අවම මට්ටමක් පවතින නිසා දියවැඩියාව පාලනය කරයි.

මැදිවිය ඉක්මවූවන් තුළින් බහුලව දක්නට ලැබෙන සන්ධි සිරවීම, අත් පා හිරිවැටීම ආදී රෝගී තත්වයන් සමනය කරමින් ශක්තිමත් ස්නායු පද්ධතියක් හිමිකර දීමට අවශ්‍ය විටමින් B, නියසින්, තයමින් බහුල වශයෙන් අඩංගු බඩ ඉරිඟු ගුණැති ඖෂධයකි.

මතක ශක්තිය අඩුවීමේ රෝගයට බඩ ඉරිඟු ඉස්තරම් ආහාරයකි. තැඹිලි කහ පැහැ ආහාර වල අඩංගු කැරටිනොපිඩිවලින්ද බඩ ඉරිඟු පොහොසත් නිසා පිළිකා හට ගැනීමේ අවදානම අවම කරයි.

විටමින් A, E සහ G, සින්ක්, යකඩ, පොස්පරස්, මැග්නීසියම්, මැංගනීස් ආදිය බඩ ඉරිඟු වල අඩංගු බැවින් මද රුධිර පීඩනය, හෘදයාබාධ ආදී නිදන්ගත රෝග වලින් ආරක්ෂා විය හැක.

දූවිල්ල නිසා ඇතිවන කැස්ස, ඇදුම හා ඇස් රෝග ආදී රෝගවලින් අපව ආරක්ෂා කිරීමේ ඖෂධීය ගුණය බඩ ඉරිඟු වල අන්තර්ගතය.

තවද අව්වට කළුවන සම පැහැපත් කිරීමේ ප්‍රතිඔක්සිකාරක ගුණයක් බඩ ඉරිඟු වල අන්තර්ගත වේ.

මූලාශ්‍ර :

  • විශේෂඥ වෛද්‍ය ආචාර්ය දයානි සිරිවර්ධනයන්ගේ ලිපියක් ඇසුරිනි.
  • https://bit.ly/2J3UzAc

Design by Samith Kanshadha

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

පියුමි මධුභාෂිණී

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment