මුළු ලොවම වසංගත තත්ත්වයකින් පීඩා විඳින මොහොතක අපගේ ආරක්ෂාව උදෙසා නිවසට වී කාලය ගත කිරීමට සිදුවී ඇත. එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට අපට ගෙවතු වගාව සදහා යොමුවිය හැක. ගෙවතු වගාවට උචිත භෝග හා එහි ගුණ පිළිබඳ සඳහන් කිරීමට Colombo Beacon අපි තීරණය කළෙමු. එහි එක් ලිපියක් ලෙස මනා ප්‍රතිශක්තිකරණ හැකියාවකින් යුක්ත හා පහසුවෙන් වගා කල හැකි බණ්ඩක්කා භෝගය පිළිබඳ දැනුවත් කිරීමට අප අදහස් කළෙමු.
ශ්‍රී ලංකාවේ උඩරට තෙත් කලාපය හැර අනෙක් ඕනෑම දේශගුණික කලාපයක පහසුවෙන් වගා කල හැකි අතරම වර්ෂය පුරාම අස්වනු ලබා ගැනිමේ හැකියාව ඇත.
මෙහිදි අප ප්‍රධාන ලෙසම ළපටි කරල් ආහාරයට ගත්ත ද අපට ළපටි පත්‍ර ආහාරයට ගත හැකි අතර එය එතරම් ප්‍රචලිත නැත.
බණ්ඩක්කාවල තන්තු ,විටමින් B1, B3, folate, බහුල වන අතර පොටෑසියම් හා මැග්නීසියම් වලින් පොහොසත්ය.
බණ්ඩක්කා වගා කිරීම
ආම්ලික හෝ භාෂ්මික නොවන මනා ජල වහනයක් සහිත පසක සාර්ථකව වගා කල හැක. ඒකාකාර වගාවක් ලබා ගැනීමට බීජ සිටුවීමට පැය 24 කට පෙර ජලයේ පොඟවා ගැනීම සුදුසු වේ. වගාව සරු කිරීමට අපට කොම්පෝස්ට් පොහොර භාවිතා කළ හැකිය.
බණ්ඩක්කා වල ගුණ
• ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.
බණ්ඩක්කා තුල ඇති විටමින් මගින් ප්‍රතිශක්තිකරණය වැඩි කරමින් කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වලක්වයි. සුදු රුධිරාණු මට්ටම ඉහල නංවයි. බැක්ටීරියා හා වෛරස වලට එරෙහි ප්‍රතිශක්තිකරණය ඉහල නංවයි.
(මෙම වසංගත තත්ත්වයේ දී ප්‍රතිශක්තිකරණ හැකියාව ඉහල නැංවීමට මෙය කදිම වේ.)
• මාස් ශුද්ධිය අධික කාන්තාවන්ට හා දරු ප්‍රසූතියෙන් පසු කිරිදෙන මව්වරුන්ට ද ඉතා යෝග්‍ය වේ.
• ගර්භණී කාලයේදී සෑදෙන සුද යාමේ මුත්‍රා රෝගී තත්ත්වයට ද යෝග්‍ය වේ.
• මානසික ආතතිය දුරු කිරීමටත් වෙහෙස මහන්සියෙන් පසු ශරීරයේ ඇතිවන වේදනාව දුරුකර සුවබර නින්දකටත් මෙය කදිම ඖෂධයකි.
• අර්ශස් රොගීන්ට, ආහාර නොදිරවන අයට මල බද්දයට ද ඉතා ගුණ දායක වේ.
• හදවත් රෝගයට හා දියවැඩියාවට ඉතා යෝග්‍ය වේ.
(මෙය සීනි අවශෝෂණය හා පාලනය හොඳින්ම සිදු කරන ආහරයකි.)
• කොලෙස්ටරෝල් අඩුකිරිමේ හැකියාව ඇත.
• අඩු කැලරි ප්‍රමාණය නිසා සිරුරේ බර අඩු කිරීමට සමත්ය.
• බණ්ඩක්කා සතු විටමින් A, සම පැහැපත් කිරීමට උපකාරී වන අතරම කුරුළෑ වලින් සම ආරක්ෂා කරයි.
• පිළිකා අවදානම අඩුකරයි. (72%ක් පමණ පියයුරු පිළිකා අවදානම අඩු කිරිමේ හැකියාව ඇති බව සොයා ගෙන ඇත.)
Leave a Comment