ආදරය නිසදැස්

බඹරාගේ බාඳුරා පෙම

බඹරෙකු විය නිදහස්
සොයමින් මලක් උයනක
රොන් ඉරීමට නවතුන කල
එය විය බාඳුරා මල

පෙන් වා නෙක් වර්ණ
දන්වා නෙක් රස
නොදැනීම ගොදුරු කරගත් බව
වැටහී ගිය නමුදු 
මල අතහැර යාමට
මැලි වන්නේ  කිමදැයි
බඹරා ද නොදනී

සිතින් මිය ගිය බඹරා
කූඩුව තුළ 
තමන් වැඩ කල යුතු නිසාවෙන්
සටන් කරන්නට වුණි
නමුදු සටන 
මල සමඟ නොවීය

තටු දන් දී පැමිණ පිටතට
ආපසු කූඩුවට යන කල
දුටු නමුත් රෝස මලක්
ළං වන්නට බිය වුණි
තවත් බාඳුරා මලකි සිතා

අවසන නිදහස් බඹරා
වුණි සිරකරුවෙක්
පෙනෙන්නට නොමැති 
යකඩ දම්වලින් 
බැඳී ඇති

කවදා හෝ නැවත 
බඹරා නිදහස් කරන
රෝස  මල පිපී 
මල් පෙතිවලින් තටු
සාදා දෙන තුරු 
සිර වූ බඹරා බියෙන්
මඟ බලා සිටී
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

කාවින්ද ලියනගේ

විද්‍යා පීඨය - උපාධිදාරී
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment