මල් වල පහස සොයනා මම බඹරෙක්මි…
සුවඳ තියන හැම මලකම රොන් උරමි…
හැම මලකටම ලන්වී හිඳිනට සිතමි…
පිපුන මලින් රොන් ගෙන එය තලා යමි…
රොන් උරන්නෙ වණ බඹරුන් පමණක්ද…
සමනලයොත් මල් වෙත ලන්වේ නේද…
තැලුවත් මෙමා මල් අග සුසිනිඳු සේද…
සළු අග රුධිර බිංදුත් රැඳුනා පෙරද…
එක මලකට පමණක් මම ප්‍රේම කළා..
එමල මාව අසරණකර ගියා පලා…
මල නැති දුකින් ලෝකය මගෙ බිඳ වැටිලා…
යන්නට උනා එක එක පැහැ මල් තලලා…
එකම මලට දහසක් බඹරුන් ඇදුනා…
විකසිත මලත් ඒ බව දැනගෙන උන්නා…
පණ දී සිටිය බඹරා අමතක කෙරුනා…
දහසක් බඹර සුව විදගන්නට සිතුනා…
වරද ඇගේ කියන්න නොදනී පහදා…
දුක නම් අපට උරුම දෙයක් වේය මෙදා…
තැලුනු මලේ නාඩා හිදපන් සැමදා…
ඉන්නම් ලඟින් දෙනවානම් ඉන්න සදා…
Leave a Comment