සාමාන්‍ය

බය හිතෙන කතාවක්

“බය හිතෙන කතාවක් කියන්නද?
ඒ මේ අස්සේ ඔයාගෙ phone එක බිම වැටිලා dispaly එක යනවා…”

මුහුණුපොතේ සැරිසරන විට හමුවූ මෙය හාස්‍ය වෙනුවෙන් නිර්මාණය වුවත් සැබවින්ම එය ‘බය හිතෙන කතාවකි’.

ගෙවී යන කාලය තුළදී වැදගත් කාර්යයන් රැසක් අප සිදුකරගන්නේ ජංගම දුරකථන ආධාරයෙනි. ජංගම දුරකථන තහනම් කර තිබූ පාසල් වලටත් මේ දින වල එය හැර වෙනත් විකල්පයක් නැති වී ගොසින් ය. විශ්වවිද්‍යාල වල සියලු කටයුතු online සිදුවෙමින් පවතියි. ගෙවුනු සිංහල අවුරුද්දත් වෙසක් උත්සවයත් සැමරීමට ජංගම දුරකථනය උපකාරී වූයේ online අවුරුදු උත්සව හා online වෙසක් කලාප වැනි දේ මගිනි. ගුරුභවතුන් whatsapp group මගින් තම සිසුසිසුවියන්ට හැකි අයුරින් අධ්‍යාපනය ලබා දෙමින් සිටිති. ආහාර වැනි අවශ්‍ය දේ ගෙන්වා ගැනීම, බිල්පත් ගෙවීම වැනි දේ නිවසේ සිටම සිදු කරගත හැකි අයුරින් තිබෙන පහසුකම් වල අගය අපට දැනෙන්නේ මේ කාලයේ දී ය. නිවසේ සිට තම රැකියාවේ නිරත වෙන්නටත් හැකියාව ඇත. එපමණක් නොව, තවද අමතක නොකළ යුතු වන්නේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීමේදී තාක්ෂණික උපාංග බොහොමයක් යොදා ගැනේ.

ඔව් මේ තාක්ෂ්ණයයි. ජංගම දුරකථන වැනි තාක්ෂණික උපාංග වලට දොස් නගමින් සිටියත් අද කොවිඩ්-19 වසංගතයට එරෙහි සටනට විශාල දායකත්වයක් ලබා දෙන්නට, මිනිසා විසින් කාලාන්තරයක සිට දියුණු කරගෙන ආ තාක්ෂණය සමත් ව ඇත. එම තාක්ෂණය නොතිබෙන්නට මෙම අභියෝගය ජය ගැනීම ඉතා කටුක වන්නට ඇත.

මේ දිනවල දී ජංගම දුරකථන හා පරිගණක භාවිතය හුරු පුරුදු අය අවැසි කටයුතු සියල්ල නිසිලෙස කරගත්තත් දුෂ්කර ගම්බද ප්‍රදේශ වල සිටින මිනිසුන් මේ වන විට බොහෝ අපහසුතාවයන්ට මුහුණ පාමින් සිටියි. විශේෂයෙන්ම එවන් සිසුසිසුවියන්ට අධ්‍යාපන කටයුතු බොහොමයක් මගහැරෙන්නට ඇත.

මුහුණුපොත වැනි මෘදුකාංග වලට අනිසි ලෙස ඇබ්බැහි වී තම ජීවිතය පවා අහිමි කරගත් අය සිටියෝ ය. අන්තර්ජාලය නුසුදුසු අයුරින් භාවිතා කර අධ්‍යාපනය කඩාකප්පල් කරගත් ළමුන් බොහෝ ඇත. කරන්නට දහසක් රාජකාරි ඇතත් නිෂ්ඵල ලෙස දුරකථනයේ එල්බ සිටි කාන්තාවන්ද ඇත. මෙවන් අය නිදසුනට ගත් නිසා තාක්ෂණයේ ඇති මිහිර බොහෝ අයට නොවැටහුනි.

සැබැවින්ම මෙහි ඇත්තේ තාක්ෂණයේ වරද නොවෙයි. තාක්ෂණය නිසි ලෙස භාවිතා කිරීමට ඇති දැනුමේ අල්ප බව මීට හේතුවයි. ඉතින් ගම්බද ප්‍රදේශ වල වෙසෙන මෙවන් අයට වසංගතය අවසන් වූ විට තාක්ෂණික උපාංග පිළිබඳ දැනුම දෙන්නට ක්‍රියා කරන්නේ නම් වඩාත් යෝග්‍ය වන්නේය. එය සිදුවූ වරදක් නිවැරදි කරගන්නවා මෙනි.

වෛද්‍යවරුන්, හෙදියන්, රණවිරුවන් වැනි වසංගතයට එරෙහි ජීව ශක්තිය ලෙසටම මෙහි අජීවී ශක්තිය තාක්ෂණය වන්නේ ය. අප සතු තාක්ෂණික දැනුම වර්ධනය කරගනිමින් තාක්ෂණයේ වැඩුදියුණුවට උරදීම ඉතා වටිනා දෙයක් බව මින් පැහැදිලි වේ.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

අමෝධා සචිකො

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment