පුරා පෙරුමන් වීය අභිමන්
දිනක අතිනත ගත්තු මොහොතින්
පසුව ඈ හා ගෙතූ සිත්තම්
බලා උන්නේ මොහොත එනකන්
ඈ ද මා හා රැයක පහනින්
පැතූ පැතුමන් වීය යහපත්
බලා උන් ඒ කාලෙ ඇවිදින්
මතුත් ගෙවියන් සතුට කැන්දන්
ඇගේ ලැම ලේ කිරෙන් පිරිලා
දිනෙක මා පුතු එළිය දකිනා
මොහොත දැන් දැන් ළංව එන්නා
බලා ඉන්නෙම් දෙඇස් දල්වා
Leave a Comment