නොහික්මුණ සිත අතරමං වී
සොයයි ඈ කොහෙදෝ කියා
නමුත් දන්නෙමි ඈ ගොසින් බව
වෙන කෙකුගෙ සිත සොය සොයා
කියූ හැම දේ සිතෙහි රැව් දේ
පුරා සත් වසරක දිහා
කෙසේ අමතක කරන් ළඳුනේ
ඉපදියන් යළි මියැදිලා
මියැදුනොත් මිස මාව හැරදා
නොයන බැව් පුන පුන කියා
ඔබත් එහෙනම් වෙනස් වූවා
කමක් නෑ මන් තනි වුණා
ඩිලාන් චානුක තේනුවර
දෙවන වසර
කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය
Leave a Comment