සාමාන්‍ය

බුදුන්ගේ රස්තියාදුව ගැන කෙටියෙන්

     බුදුන්ගේ රස්තියාදුව කියන්නේ හුදෙක් පොතක්ම විතරක් නෙමෙයි. සෑම බෞද්ධ කෙනෙකුටම දැවැන්ත කනේ පහරක්. මොකද කිව්වොත් මිනිස්සු බුද්ධාගම කියලා ඉගෙනගන්නේ මොනවද.. ඒකෙන් මිනිස්සු තමන්ගේ ජීවිතයට ගන්නේ මොනවද?? අද සමාජය ගත්තම බහුතරයක් මිනිසුන් කරන්නේ බුදුන් ආරම්භ කල ඒ ධර්මය සල්ලිවලට විකිණීම. මේ ලඟදී මම දැක්කා බෝතල් කල පිරිත් පැන්. මොනවද මේ කරන්නේ මිනිස්සු. තව දෙයක් තමයි විභාග වලට කලින් බාර වීම. අනේ මන්දා ඉතින් ඒ දේවල් කරලා මොනවා බලාපොරොත්තු වෙනවද කියලා. බුදුන් කියන්නේ අදහන්න ඕන දෙවි කෙනෙක් නෙමෙයි බුදුන් කියන්නේ අනුගාමිකයෙක්.  බුදුන් වහන්සේ කවදාවත් කියලා නෑ මට වඳින්න මම වෙනුවෙන් බාරහාර කරන්න. මගේ රූප හදලා ඒවට වඳින්න මේ දේවල් කිසිම දවසක කියලා නෑ. බුදුන් වහන්සේ දේශනා කලේ එන්න ධර්මය දකින්න. මේක මිනිස්සු තේරුම් අරන් තියන්නේ වැරදියට. මේකට වගකියන්න ඕන දැනට බහුතරයක් පන්සල් වල සිටින හාමුදුරුවරු. පැවිදි නමක් වෙන්න ගොඩක් අයට ලේසියෙන් හිතෙන්නේ නෑ. හිතෙන අයත් මම දකින විදියට මහණ වෙන්නේ වාසියට. (බහුතරය නෙමෙයි). තමන්ට තම පවුල නඩත්තු කරගන්න බැරි උනාම මොකද කරන්නේ ළමයි දෙතුන් දෙනෙක් මහණ කරනවා. ඒ උනාට ඒ ළමයා යන්නේ කැමැත්තකින් නෙමෙයි (මේවා ඇසින් දුටු දේවල්). මම නම් දකින විදියට මහණ වෙන කෙනෙක් අනන්ත දුකක් විඳින්න ඕන. සැප ගන්න මහණ වෙන සමාජෙක දුක් විඳලා තමන්ගේ හිත දියුණු කරන පැවිද්දන්ද නැතුවා නොවේ.  බුදු දහම කියන්නේ සරලව කිව්වොත් සිත කය වචනය යන තුන් දොර සංවර කර ගැනීම. එතනත් මුලින් කියලා තියන්නේ සිත සංවර කරගන්න කියලා. ඔව් ඒක ඇත්ත. අපි හිත සංවර කරගත්තා කියන්නේ අපිට අපේ ගත සංවර කරගන්න එක ගොඩක් පහසුයි. වචනය සංවර කරගන්න එක ගොඩක් පහසුයි. මෙතනින් කරන්න අමාරුම දේ තමයි සිත සංවර කර ගැනීම. මෙහෙම කියද්දි මතක් වෙන්නේ 5 වසරෙ පන්තියේ ගාථා කියලා ඉවර වෙලා භාවනා කරපු වෙලාව. මම අත් දෙක එක උඩ එක තියාගෙන හිටියේ නෑ කියලා ගුටි කාපු මොහොත. භාවනා කරනවා කියන්නේ ඒකටද?? නෑ අපි එක දෙයක් ගැන විතරක් සිතලා සිත පාලනය කරගන්න දරන උත්සාහය තමයි භාවනාව කියන්නේ. බුදුන් වහන්සේ කලේ ඒ දේ. අපි කල යුත්තේ උන්වහන්සේ අනුගමනය කරන එක මිස අන් කිසිවක් නොවේ. හැකිතාක් අසරණ අයට පිහිට වෙන්න. උදව් අවශ්‍යයට උදව් කරන්න. නිකන් බොරුවට රැල්ලට යන සමාජය එක්ක යන්න එපා. අපි හැදෙමු බුදු දහම රැකගමු. කියපු දේවල් වලට හිත රිදුන නම් සමාවෙන්න. ඒත් ඇත්ත ඒකයි..
බුදු සරණයි කියන්නේ නෑ මම ඉවර වෙලා.  දැන්වත් හැදියන්….
මේ පොත ලියපු කෙනාට ස්තුතියි !!!
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

නදුන් සිතුමිණ

විද්‍යා පීඨය - උපාධිධාරි
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment