නිසදැස්

බුදුන්, අල්ලාහ්, ජේසු නමිනා…

වෙදකමින් හෙදකමින් උදුරා
දමන්නට මරු පුත් කොරෝනා
මිනිස්කම පිරි දේව වෙදදුරු
ඔසු බිමෙහි යුධ සටන් වැදුනා

ගුවන සමුදුර පොළොව රකිනා
මහා බල තෙද සපිරි විරුවා
උපන් බිම සුවපත් කරන තුරු
මනු දමේ මහ පවුරු බඳිනා

හිරු මිලින වී සඳුත් නැගුණා
සඳු මිලින වී හිරුත් නැගුණා
නිදි නොදකිනා විඩා බර නෙතු
රටක් එළි කර යළි පිබිඳුනා

දෙනෙත් පියෙනා වරක් පාසා
පතමු හැම දෙවියන් රකිත්වා
කොරෝනා නසනා අපේ විරු
බුදුන්, අල්ලාහ්, ජේසු නමිනා

Designed by – Binod Lakshitha

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

හෂිනි විදානගේ

හෙද පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment