Colombo Beacon නිසදැස්

බෝඩින්කාරයෝ…

තුන්මහල් නිවසක්‍ ය 
රටාවකට ටයිල් ඇල්ලුව
අටක් එක කාමරය
බෙදාගත් එකමුතුව…
කහට තේ උගුරකට 
මාරි එක ගළපන්න
දැන් නොහැක අපි හැමට
කාසි නෑ සාක්කුවට…
වේලකුත් අතහැරලා 
දෙවේලෙන් ගිනි නිවලා
පාන්දර දෙගොඩජාමේ
පොඩි සිංදුවක් කියලා…
විඳින විඳවන දිවිය
පසක් කර දුන්නේම
හෙට තැනෙන මේ දෑත
අදත් සවිමත් කියලා…

රවිඳු නානායක්කාර 
පළමු වසර
කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

රවිඳු නානායක්කාර

පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනය

Leave a Comment