අභයගිරි චෛත්‍යයේ ශ්‍රමදාන කටයුත්තක් ගැන පසුගිය මාසේ කතාබහට ලක් වූ බව ඔබලාට මතක ඇති කියා සිතමි. මේ ඒ පිළිඹදව ඔබ අප සැවොම අඳුනන අනුරංග අයියා සමග කල සාකච්චාවකි.
obama: ඉතින් අයියේ, කොහොමද විස්තර?
අවුලක් නෑ මල්ලි, වැඩනම් වැඩි මේ දවස් වල. දැන් මොනවද මගෙන් දැන ගන්න තියනවා කිවූවේ?
yodaya: අයියල අභයගිරියේ කරපු ශ්‍රමදාන කටඋත්ත ගැන තමයි.
ආ… ඒ ගැනද, ඕනි දෙයක් අහන්න, ජීවිතේ අමතක නොවන දවස් 2ක්.
obama : ඉස්සෙල්ලම කියන්න, මේ වැඩේ organize කරේ කවුද කියල?
මේක මල්ලි කරේ විද්‍යා පීඨ ශිෂ්‍ය සභාව (student council) සහ විද්‍යා පීඨ බෞද්ධ සංගමය එකතු වෙලා.
yodaya : මෙහෙම දෙයකට අදහස ආවේ කොහොමද? කාගේද අදහස?
ඊට ඉස්සෙල්ල කියන්න ඕනි, මේක අපේ දෙවන programe එක. පලවෙනි එක තමයි කුරුණෑගල රම්බොඩගල්ල විහාරයේ කරපු ශ්‍රමදාන කටයුත්ත. ආසියාවේ විශාලම පිළිම වහන්සේ හදන්නේ… අභයගිරි ශ්‍රමදානය අපේ දෙවන වැඩසටහන. විශේෂයෙන් සඳහන් කරන්න ඕනි ශිෂ්‍ය සභාවේ I.S.ගජනායක (එඩී අයිය) සහෝදරයව. එයා තමයි මේකට මුලිකත්වය අරන් කටයුතු කලේ.
yodaya : මේ වැඩේට කී දෙනෙක් සහභාගී උනාද? ඔයාල හිතපු තරම් කට්ටිය සහභාගී උනාද?
හිතපු තරම් ආව කිවුවොත් නම් එක බොරුවක්. 25 දෙනෙක් සහභාගී උනා, 2nd year සහ 3rd year කොල්ලෝ set එකක් ගියා, තව අපේ dimo sirල හතර දෙනෙකුත් ගියා. හැබැයි කියන්න ඕනි තව ගොඩක් අයට එන්න ඕනි කම තිබ්බ, එත් exam, sports වගේ දේවල් හන්ද ඒ කට්ටියකට එන්න බැරි උනා. තව කියන්න ඕනි girlslath මේ කටයුත්තට සහභාගී වෙන්න ඇහුව. එත් දවස් 2ක වැඩක් හන්ද එක කරන්න බැරි උනා.
obama : campus එකෙන් පිටත් උනේ කීයට වගේද? එහෙ ගිහින් වැඩ පටන් ගන්න කොට කීය වගේ උනාද?
මෙහෙන් යනකොට කොහොමත් පාන්දර 5.30 – 6.00 වගේ උනා. අපි අභයගිරියට යනකොට දවල් 12 වගේ උනා. අපි එහෙදි උයල රෑ 9 වගේ වෙනකන් වැඩ කරා, ඊළඟ දවසෙත් උදේ වැඩ කරලා තමයි ආවේ.
obama : කරපු වැඩ ගැන සැහීමකට පත් වෙනවද? වැඩේ සාර්ථකද?
අනිවාර්යෙන්, කට්ටිය හිතපු තරම් හිටියේ නැති උනාට, හිටපු කට්ටිය සෑහෙන්න මහන්සි වෙලා වැඩ කරා. කරන්න තිබ්බ වැඩ ටික උපරිමයෙන්ම කරා. එතන හිටපු කට්ටිය අපි කරපු වැඩ ගැන ගොඩක් සෑහීමකට පත් උනා, මාරම සතුටින් හිටියේ. මොකද අපි ඒගොල්ලෝ හිතුවට වඩා ගොඩක් වැඩ ප්‍රමාණයක් කරා. සාමාන්‍යයෙන් එතන වැඩ කරන්නේ උදේ 9 ඉඳන් හවස 4 වෙනකන්. ඒ උනාට අපි රෑ 9 වගේ වෙනකන් වැඩ කරා. අනිත් කාරණේ තමයි colombo campus එකෙන් ඇවිත් මෙහෙම වැඩක් කරපු එක ගැන එයාල සතුටු උනා. එදා රෑ 9 වගේ වෙද්දී වහින්න පටන් ගත්තා.අපේ target එක උනේ 12 වගේ වෙනකන් වැඩ කරන එක. ඒ උනත් එතන යකඩ කණු පිරිලා, අකුනුත් ගහනවා ඒ හන්ද වැඩ නවත්තන්න සිද්ද උනා. සිද්ද උනා කියන්නේ එතන භාරව හිටපු අය වැඩ නවත්තන්න කිවුව.
yodaya : රෑ නැවතුනේ කොහෙද?
එතන මල්ලි තියනවා අභයගිරි විශ්‍රාම ශාලාව, එකේ තමයි නැවතුනේ.
මෙහෙමයි, දැන් චෛත්‍යයේ දාගැබේ වැඩ ඔක්කොම වගේ ඉවරයි. දාගැබ වටේ බැඳපු යකඩ පලංචි තියනවා (photos වල දකින පුළුවන් වෙයි.) ඒවා ඉවත් කරන එක ප්‍රදාන කාර්යක්. පලංචි 1000 ගානක් තියනවා. තව කරන්න තිබ්බ වැඩක් තමයි සලපතල මලුව හදන එක. තව එතන වටේට ගඩොල් බැම්මක් හදනවා, ගල් අල්ලනවා.
අපිට ඉස්සෙල්ලම ලැබුන කාර්ය තමයි බිම මට්ටම් කරන එක, ඊට පස්සේ එතන තිබ්බ පස් කණ්ඩියක් අයින් කරන්න සිද්ද වුනා. බිම මට්ටම් කරන්න bakko එකක් ගෙනත් තිබ්බ, ඒක ඕනි තැනට ගන්න පුළුවන් වෙන්න වටේට කණුවක් කපන්න සිද්ද උනා.
ලොකුම අද්දැකීම උනේ පලංචි අයින් කරපු එක. මුලුන්ම අපි එක නොකර ඉන්න තමයි හිතුවේ, මොකද එක risk එකක් තියන වැඩක්. ඉස්සෙල්ල ඉනිමග දිගේ ගිහින් එලියට එන්න ඕනි. මම කියන එක තේරෙන් නැතුව ඇති . photos තියනවා, ඒවා බලන්න. කොහොම හරි අන්තිමේදී අපි නැගල පලංචි 50ක් 60ක් විතර අයින් කරා. වාසනාවකට කාටවත් සීරීමක්වත් උනේ නැහැ.
ඊට අමතරව බදාම අනන්නත් තිබ්බ, හුණු කොට්ට 10ක් 15ක් විතර අපි ඇණුව.
obama : හුණු බදාම ඇනුවේ, දැන් චෛත්‍යය කපරාරු කරනවද?
නැහැ නැහැ, මේක කපරාරු කරන් නැහැ. ජේතවනාරාමය තියෙන්නේ, ඒවගේ තමයි හදන්න යන්නේ. මේක ප්‍රටිසන්ස්කරණය කරන්න පටන් අරන් තියෙන්නේ 1930දී, හාමුදුරුවරු ටිකකගේ මුලිකත්වයෙන්. 1930දී මේක චෛත්‍යයක් කියල කියන්න බැහැ . ලොකු ගස් එහෙම හැදුනු පොඩි කන්දක් වගේ තමයි බැලූ බැල්මට පේන්නේ. කොහොම හරි 1930 පටන් ගත්ත එක වැඩිය සාර්ථක වෙලා නැහැ. ඊට පස්සේ ආයේ අවුරුදු 50ට විතර පස්සේ, ඒ කියන්නේ 1980 ගණන් වල “මධ්‍යම සංස්කෘතික අරමුදලින්” මේකේ ප්‍රතිසංස්කරණ කටයුතු ආයේ පටන් අරන් තියනවා. ඒ පටන් ගත්ත එක තමයි මේ වෙනකන් යන්නේ. 2007 වෙනකන් මන්දගාමිව තමයි මේකේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙලා තියෙන්නේ. හැබැයි 2007න් පස්සේ වැඩ සීග්‍රයෙන් කරලා තියනවා. වැදගත්ම කාණරය තමයි මේ අවුරුද්දේ වෙසක් එකට ප්‍රතිසංස්කරණ කටයුතු ඉවර කරලා ජනතාවට වැඳ පුදා ගන්න කටයුතු සලසනවා. චෛත්‍යයේ ඇතුලේ බුදුරජාණන් වහන්සේගේ ධාතු තියනවා කියල කියනවා. අපිට කියපු විදිහටම කියනවනම්, “රනින් කල වෘෂභ ගැබක් තුල” තැම්පත් කරලා තියනවා කියල තමයි කියන්නේ.
obama : තාම තියනවලුද ?
තියනවා කියල තමයි කියන්නේ, එත් කවුද දන්නේ…..
yodaya : අවශ්‍ය කරන ගඩොල් එහෙම ?
කුරුණෑගල, නිකවැරටිය වගේ පැති වලින් තමයි වැඩිහරියක් ගඩොල් ගෙනත් තියෙන්නේ. ඒවා හදන්න උපකාර කරලා තියෙන්නේ අපේ හමුදාවේ සොහොයුරන්. අනික් කරුණ තමයි ඉස්සර කාලේ භාවිතා කරපු ප්‍රාමනයේ ගඩොල් තමයි නැවත ප්‍රතිසන්ස්කරණයේදී යොදාගෙන තියෙන්නේ.
obama : වෙන අයත් ඇවිත් හිටියද?
ඔවු, හැමදාම කට්ටිය එනවා, ඇවිත් ශ්‍රමදාන තියල වැඩ කටයුතු වලට සහය දෙනවා. එන හැමෝටම අභයගිරි විහාරයෙන් සහතික පතක් ප්‍රදානය කරනවා.

yodaya : චෛත්‍යයේ මුදුනට නගින්න පුළුවන් උනාද?
ඔවු, එයාල අපි කරපු වැඩ ගැන මාරම satis වෙලා හිටියේ. එතන චෛත්‍යය මුදුනට බඩු ගෙනියන්න lift එකක් හදල තියනවා, අපිව එකෙන් මුදුනට අරන් ගියා. මුදුනට නැග්ගහම …….. කොහොම කියන්නද මන්ද දැනිච්ච දේ. යට ඉඳන් බැලුවට උඩ එච්චර විශාලයි කියල හිතෙන්නේ නැහැ. එතන හිටපු අය කිවුව, චෛත්‍යය උඩ laylend බස් 10ක් නවත්තන්න ඉඩ තියනවා කියල. ඇත්තද බොරුද දැන් නැහැ, හැබැයි හරිම විශාලයි, ගොඩක් ඉඩ තියනවා.
obama : විශේෂ ස්තුතියක් කරන්න අය ඉන්නවද?
අනිවාර්යෙන්, ගොඩක් ඉන්නවා.
අපිට මේ ගමනට සත පහක් වත් වියදම් උන් නැහැ. බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් කිසිම බේදයක් නැතිව අපිට campus එකේ කට්ටිය මේ ගමනට මුදල් වලින් ආධාර කරලා තිබුන. ඒ පිරිසට බොහොම ස්තුතියි.
අපිට බස් එක ලබා දුන්නේ campus එකේ college house එකෙන්, ඒ කරපු උදවුවට ස්තුති වන්ත වෙනවා.
අපිට අභයගිරියේ නවතින්න, එතන විශ්‍රාම ශාලාව පිලියල කරලා දීපු “අභයගිරි ශ්‍රමදාන කමිටුව” මතක් කරන්න ඕනි.
තව අපේ ශිෂ්‍ය සභාවට, එක නැත්තම් මේ වැඩේ කරන්න වෙන් නැහැ.
තව මේ ගමනට වචනයකින් හරි උදවු කරපු අයට බොහොම ස්තුතියි.
අපි ගිය හැමෝම මාරම සතුටින් වැඩ කරලා අවේ, එහෙම වැඩක් කරාම තියන සතුට වචනෙන් කියන්න තේරෙන්නැහැ. අපි එහෙම සතුටක් ලැබුවේ අපිට උදවු කරපු කට්ටිය නිසා.
obama : මේ වගේ තවත් කටයුත්තක් plane කරලා තියනවද?
මේ වගේ එකක් ගැන නම් තාම හිතල නැහැ. හැබැයි තව එකක් කරන්න උත්සහා කරනවා. 1st years ලගේ මුලිකත්වයෙන් පිරිත් දේශනයක් ඉදිරියේදී බොහෝදුරට organize වෙයි. තව මේ වෙසක් එකේදී පහුගිය ඒවාට වඩා හොඳට කරන්න බලාපොරොත්තු වෙනවා.
yodaya : මෙහෙම වැඩක් කරේ ඇයි? මොකක්ද හේතුව?
ප්‍රදානම කාරණාව තමයි අපේ faculty එකේ බෞද්ධ සංගමය දැන් තියනවට වඩා ක්‍රියාකාරී මට්ටමකට ගෙන එන එක. අපි වෙසක් එකට භක්ති ගීත කියල, දන්සලක් දෙනවා. තව කුඩු හදනවා. ඊට අමතරව මස 2ට 3ට සරටක් හාමුදුරු නමක් වඩම්මල බණක් දේශනා කරනවා. ඔතනින් එහාට වැඩක් කරන බෞද්ධ සංගමයක් ඕනි කියන සංකල්පයෙන් තමයි මෙහෙම දෙයක් කරේ.
yodaya : හොඳ idea එකක්. එහෙනම් අයියේ , බොහොම ස්තුතියි අපිත් එක්ක අත්දැකීම් බෙදා ගත්තට. තවත් දවසක තව මේ වගේ event එකක් ගැන කතා කරන්න පුළුවන් වෙයි කියල හිතනවා.
අනිවාර්යෙන්. අපි බලමු බෞද්ධ සංගමේ මුලිකත්වයෙන් තව විශේෂ වැඩක් කරන්න. ඉස්සර නොකරපු විදිහේ වැඩක්.
obama : එහෙනම් අයියේ බොහොම ස්තුතියි.
ඔයාලටත් ස්තුතියි, අපි කරපු දේ අරමුණ campus එකේ අනිත් අය අතරට ගෙනියනාවට.
සහභාගී වු අයගේ නම්
2st year
දිනිඳු පෙරේරා
නාලක ඇලෙක්ස් කපුරුගේ
රජිත ගනේවත්ත
නදීර දසුන්
ගයාන් මදුරංග
ශාමිල කුලතුංග
මහේශාන් බණ්ඩාර
හිරුණ De අල්විස්
3rd year
අයේශ් ගජනායක
අනුරංග හේරත්
නුවන්
දිනේෂ්
උදාන වෙත්තසින්හ
මංගල සම්පත්
නිලාන් විතානගේ
ගයත් සුමනරත්න
ඩිලාන් වෙත්තසින්හ
තිලින
Maths එකේ demo sirල 3න් දෙනෙකුත් ගියා. physic එකේ demo sir කෙනෙකුත් ගියා.
Interview by Yodaya(සිතිර කරුණාතිලක) & Obama(චාමර වලිසුන්දර)
ඉහත සාකච්චාවේ සඳහන් ශ්‍රමදාන කටයුතු 2දීම මුලිකත්වය ගෙන කටයුතු කල “එඩී අයියා” සමග, වැඩි විස්තර සහිතව තවත් කොටසක් Colombo Beacon තුලින් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
Leave a Comment