කරන්ට් එකට සම්බන්ධ කරපු
කැරකෙන පෙති තුනකින් දෙන
හුළඟ වගේද
කඳු අස්සෙන් හෙමින් දුවන
ගෙදර හුළඟ
රත්වෙච්ච පයිප්පයක් දිගේ එන
කැකෑරිච්ච වතුර වගේද
ළිඳෙන් ඇඳල අතට ගන්න
සීතල වතුර ……….
වැලි අතුරපු මංතීරුවක
තනියම
ඇවිදිනව වගේද
පටු ගුරු පාරක
දන්න අදුනන උන් වට කරන්
ඇවිදින විදිහ………
ටයිල් පොළව , ලෙයර් මෙට්ට
බෝඩිං කාමර
වගේද
පාට පාට බිත්ති එක්ක
රතු සිමෙන්ති බිමට මැදපු
මගේ කාමරේ ලස්සන………
Leave a Comment