අඳුර දුරලන එළිය අරගෙන වරෙල්ලා
යදම් සිඳ බිඳ පවුරු පෙරලා දමල්ලා
දසත විහිදෙන සීහ නාදය නගල්ලා
මගේ දරුවනි මෙමා බේරා ගනිල්ලා
දීන සොර මුළ මෙමා වට කර – මගේ සාරය උරා බොන කල
සඳලුතලවල රජ මැදුරුවල – මගේ ඇඟ මස අලෙවි වන කල
කඳුළු කඳුරැලි ඇදහැලුණු බව – රුහිරු ගංගා ගලා ගිය බව
නැවත සිහියට ගනිල්ලා
මගේ දරුවනි මෙමා බේරා ගනිල්ලා…
මගේ පැටවුන් උනුන් කොටවා – හදේ බිය සැක තිමිර පොරවා
මෙමා හැඳි වත පවා ගලවා – දියත අබිමුව දෙදණ නැමුවා
උනුන් හැමදා එකට හිඳුවා – මගේ පොඩි උන් දෙපිල බෙදුවා
යදම් සිඳ බිඳ එකට එක් වී වරෙල්ලා
මගේ පැටවුනි මෙමා බේරා ගනිල්ලා…
Leave a Comment