ශාකයේ සෑම කොටසකම පාහේ ඉතා වැදගත්කමක් ඇති ශාකයක් ලෙස මඤ්ඤොක්කා ශාකය හැඳින්විය හැක. ‘ Cassava’ එහෙමත් නැතිනම් Manihot esculenta යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙය බ්‍රසීලයෙන් අනෙකුත් රටවල් වලට ව්‍යාප්ත විය. ඒකක බිම් ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබාගත හැකි අතර තුන්වැනි විශාලතම කාබෝහයිඩ්‍රේට් ඵලදාවක් ලබාදෙන ශාකයද වේ. නිවර්තන කලාපයේ වැදගත් ආහාර ප්‍රභවයක් වන මෙය මිලියන 800 ක් පමණ මිනිසුන් ප්‍රමාණයක් තම ප්‍රධාන ආහාරය ලෙස ද, තවත් පිරිසක් තම දෙවැනි ප්‍රධාන ආහාරය ලෙසද මඤ්ඤොක්කා පරිභෝජනය කරයි.
මෙම ශාකය වගාකිරීම සඳහා සම්පත් අඩු ප්‍රමාණයක් අවශ්‍ය වන අතර සැලකිය යුතු ඵලදාවක් සහ ඉහළ ආදායමක් ලබාගත හැක. මෙය උසස්, සාමාන්‍ය හෝ ආන්තික පසක පවා වගා කළ හැකි අතර අනෙකුත් භෝග වර්ග හොඳින් වගා නොවන පරිසරවල පවා හොඳින් වගා කළ හැක. එමෙන්ම අඩු වර්ෂාපතනයක් ප්‍රමාණවත් වන අතර වියළි කාලවලට ද ඔරොත්තු දෙන බහුවාර්ෂික භෝග වර්ගයකි.
🧿මඤ්ඤොක්කා වල භාවිතයන්
Ø කාබෝහයිඩ්‍රේට් ලබාදෙන ප්‍රධාන ආහාරයක් ලෙස පරිභෝජනය කිරීම.
Ø මුල් වල සංචිත වන කාබෝහයිඩ්‍රේට් ඵලදාව තම්බා ද ශාක පත්‍ර මැල්ලුම් සෑදීම මගින්ද ආහාරයට ගනී.
Ø මඤ්ඤොක්කා පිටි පාන්, කේක් ආදිය නිෂ්පාදනයට යොදා ගනී.
Ø මෙය අපනයන භෝගයක් ලෙසද යොදා ගනී.
Ø සත්ව ආහාරයක් ලෙස යොදා ගැනීම.
🧿මඤ්ඤොක්කා වල වැදගත්කම
Ø පිළිකා නාශක ගුණයක් දැරීම.
Ø දියවැඩියාව, කොලෙස්ටරෝල් පාලනය කිරීමට දායක වීම.
Ø මානසික ආතතිය දුරු කිරීමට මඤ්ඤොක්කා කොළ මැල්ලුම් උපකාරී වීම.
Ø වයසට යාම පාලනය කිරීම.
🧿පෝෂ්‍ය පදාර්ථ – 100g ක අඩංගු වන
💥ශක්තිය – 160 kcal / 670 kJ
💥කාබෝහයිඩ්‍රේට් – 38.1 g
💥සීනි – 1.7 g
💥තන්තු – 1.8 g
💥මේදය – 0.3 g
💥ප්‍රෝටීන් – 1.4 g
💥විටමින්
💧B1 – 0.087 mg
💧B2 – 0.048 mg
💧B3 – 0.854 mg
💧B6 – 0.088 mg
💧B9 – 0.027 mg
💧C – 20.9 mg
💥ඛනිජ ලවණ
🥏කැල්සියම් – 16 mg
🥏අයන් – 0.27 mg
🥏මැග්නීසියම් – 21 mg
🥏පොස්පරස් – 27 mg
🥏පොටෑසියම් – 271 mg
🥏සෝඩියම් – 14 mg
🥏සින්ක් – 0.34 mg
🥏ජලය – 60 g
🧿මඤ්ඤොක්කා වගා කිරීම
💨වගා කිරීම සඳහා මඤ්ඤොක්කා වර්ග හතක් පමණ නිර්දේශය කර ඇත.
💨ඉන් කිරි කවඩි දේශීය වෙළෙඳපොළේ දැකිය හැකි අතර හෙක්ටයාර එකකට ටොන් 22-65 අතර ප්‍රමාණයක අස්වැන්නක් ලබා ගත හැක.
💨සුනිමල, ශානි ආදී වර්ග අපනයනයට සුදුසු අතර හෙක්ටයාර එකකින් ටොන් 35- 40 ක් පමණ අස්වැන්නක් ලබාගත හැකිය.
💨බඳුන් ගතව ද මඤ්ඤොක්කා වගා කළ හැකි අතර ඌරන්, මීයන් හා ඉත්තෑවන් ආදී සතුන් ගෙන් ඇතිවන බලපෑම ඉවත් කර ගැනීමට ද කුඩා ඉඩ ප්‍රමාණයක පවා වගා කිරීමට ද මෙම ක්‍රමය දායක වේ.
💨මේ සඳහා ප්ලාස්ටික් බඳුනක්, ගෝනියක් හෝ ටයර් ද යොදා ගත හැක. මේවාට දිරාගිය රොඩු කැබලි, කොම්පෝස්ට් සහිත පසක් ආදිය පුරවා කඳ කැබලි සිටුවීමට සකස් කර ගනී.
💨බොරළු පසක් පවතී නම් එය ලොම් සහිත පසක් වන තෙක් බුරුල් කර සකස් කර ගත යුතුයි.
💨මෙම ශාකය කක්ෂීය අංකුර සහිත කඳ කැබලි මගින් ප්‍රචාරණය කරන අතර, ගැලවූ ගසක කඳ කොටසින් අඟල් 1-1.5 මෙන් පළල ඇති අඩි 1-1.5 මෙන් දිග අංකුර 3 – 4 පමණ අඩංගු කඳ කැබලි සිටුවනු ලබයි.
💨කඳ කැබලි කපා ගැනිමේදී එකවර ලී කොටයක් හෝ යම් පෘෂ්ඨයක් මත තබා කැබලි කිරීම සිදු නොකරන අතර එමගින් එම කැබලි තැලීම සිදුවේ.
💨කඳ කැබලි කපාගත යුතු ස්ථානය වටා මන්නා පිහි පහරවල් කිහිපයක් සෙමින් එල්ල කර වෙන් කර ගත යුතුයි. මෙය හොඳ මූල්‍ය පද්ධතියක් සහ ඵලදාවක් ලබා ගැනීමට දායක වේ.
💨හොඳින් අතු බෙදෙන ඒවා අඩි 4ක පමණ පරතරයකින් ද අතු නොබෙදෙන ඒවා අඩි 3ක පමණ පරතරයකින් ද වගා කරයි.
💨වෙන් කරගත් කඳ කැබලි වල පහළ කොටස පහළට සිටින සේත් මඳක් තිරස්ව සකස් කරගත් පසෙහි සිටුවා ගනී.
🧿පොහොර යෙදීම
💥පහසුවෙන් වගාකරගත හැකි මෙම භෝග වගාවට විශේෂයෙන් පොහොර දැමීම හෝ කෘත්‍රිම පොහොර යෙදීම අවශ්‍ය නොවේ.
💥පසින් ඉහළට අඩි 2ක් පමණ වන තෙක් සතියට දෙවරක් පමණද, පසුව සතියට එක් වරක් පමණද ජලය යෙදීම ද ප්‍රමාණවත් වේ.
🧿ඇතිවන රෝග
💧මඤ්ඤොක්කා ශාක පත්‍ර වල, පත්‍ර විචිත්‍ර රෝගය ඇතිවිය හැක.
💧මෙහි රෝග වාහකයා සුදු මැස්සා වේ.
💧මෙම රෝගය සහිත ශාක කඩා පුළුස්සා දැමිය යුතුයි.
💧වල් මඤ්ඤොක්කා, වතු පාළු, කුප්පමේනියා, වල් කරාබු ආදිය අසල පැවතීම මෙම රෝගය ව්‍යාප්තිය වැඩි කරයි.
🧿අස්වැන්න ලබා ගැනීම
💧මෙහිදී පලුඳු නොවන ආකාරයට අල ගැලවීම සිදු කළ යුතුයි.
💧මාස 6 සිට අස්වැන්න ලබා ගත හැකි අතර මාස 8-9 පමණ වන විට වැඩි අස්වැන්නක් ලබාගත හැකිය.
💧ගස වටා ජලය යොදා පස් මඳක් බුරුල් කරගෙන අල ලබා ගැනීම සිදු කළ යුතුයි.
💧එසේ නැතහොත් පස තුල දී අල කැබලි වලට කැඩි යා හැක.
💥මඤ්ඤොක්කා වල cyanogenic glucoside නැමැති සංයෝගයක් පිෂ්ඨය පවතින කොටසෙහි අක්‍රියව පවතින අතර පොත්තේ තිබෙන එන්සයිමයක් මගින් මෙය ජල විචේදනය වීමෙන් හයිඩ්‍රජන් සයනයිඩ් (HCN) බවට පත් වේ.
💥මෙය ශරීරයට විෂ සහිත වේ.
💥එනිසා තුවාල වී හුළං වැදුණු මෙන්ම නිල් ඉරි දුවපු අල පරිභෝජනය නොකරයි.
💥එනිසා මඤ්ඤොක්කා අල ගලවා ගැනීමේ දී ප්‍රවේසමෙන් ගලවා ගත යුතුයි.
💥මෙම සංයෝග දීර්ඝකාලීනව ශරීර ගත වීමෙන් මරණය පවා සිදුවිය හැක.
💥නමුත් නිවැරදි ක්‍රමයට පිළියෙළ කර භාවිත කිරීමෙන් මෙම තත්ත්වය මගහරවා ගත හැක.
💥මඤ්ඤොක්කා තැම්බීමේදී ජලය ප්‍රමාණවත් තරම් දමා භාජනය විවෘතව තැබීම මගින් ද,
💥මඤ්ඤොක්කා අල ප්‍රවේසමෙන් පොතු ඉවත් කර කුඩා කැබලිවලට කපා පැය කිහිපයක් ජලයේ හොදින් පොඟවා, ජලය ඉවත් කර, අලුත් ජලයෙන් තම්බන අතර කිහිපවරක් ජලය පෙරා ගැනීම මගින් ද, විෂ සංයෝග ඉවත් කර ගත හැක.
💥අමු මඤ්ඤොක්කා ආහාරයට ගැනීම ද අනුමත කළ නොහැකි අතර එවිට ආහාර මාර්ගයේ සිටින ක්ෂුද්‍රජීවීන්ගේ එන්සයිම මගින් ද මෙම සංයෝගය HCN බවට පත්විය හැක.
💥ඉඟුරු වල පවතිනා එන්සයිමයක් මගින් ද මඤ්ඤොක්කා වල cyanogenic glucoside නැමැති සංයෝගය HCN බවට පත්විය හැකි බැවින් මඤ්ඤොක්කා ගන්නා විට ඉඟුරු යෙදූ හෝ ඉඟුරු මිශ්‍ර අහාර ගැනීමෙන් වැළකිය යුතුය.
💥කෙසේවෙතත් නිසියාකාරව පිළියෙළ කර ගැනීමෙන් මෙම තත්ත්වය මගහරවා ගත හැකි අතර, මඤ්ඤොක්කා ඉහත සඳහන් කළ පරිදි වටිනා ඔෟෂධීය ගුණයන් සපිරි, වර්ෂය පුරා අස්වැන්න ලබා ගත හැකි, පහසුවෙන් වගාකරගත හැකි භෝගයකි.
Leave a Comment