මුතු ධරණියේ සැඟවුණු සොබා ශ්‍රී සොයා යන රූ ධාරා සංචාරක සටහනේ අද තමා අපේ දෙවන දිනය. අද අපේ නවාතැන වෙන්නේ වැඩිපුර සංචාරකයන්ගේ ඇස ගැටුනේ නැති නමුත්, බොහොම සුන්දර පරිසර පද්ධතියක පිහිටල තියෙන මනස්කාන්ත පාරාදීසයක්. Camping කරන්න කැමති යාළුවෝ අතරේ නම් ටිකක් විතර මේක ප්‍රසිද්ධයි.
මඩොල්සිම එහෙම නැත්තන් පුංචි ලෝකාන්තයට තමයි අද අපි ඔයාලව අරන් යන්න හදන්නේ.

නවමු මං මාවත් ඔස්සේ ඔබ හමුවට එන රූ ධාරා අපි අද හිතුවා මේ අපූරු නවාතැනේ සොබාසිරිය හැබෑවටම විඳගත්තු අපේ යාළුවෙක්ගේ අත්දැකීම් එක්කම ඔයලාවත් මඩොල්සිමට අරන් යන්න.
ඒ නිසා මෙවර Colombo Beacon අපේ රූ ධාරා විශේෂාංගය සමඟින් එකතු වෙන්නේ විශේෂ පුද්ගලයෙක්. ලංකාවේ ගොඩක් තැන්වල සංචාරය කරලා අත්දැකීම් බහුල ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේම වැඩිදුර අධ්‍යාපනය හදාරන අපේම ජ්‍යේෂ්ඨ සහෝදරයෙක්. ඔහු යසිරු කුමාරසිරි.
ප්‍රථයෙන්ම අපි රූ ධාරා වෙනුවෙන් සාදරයෙන් පිළිගන්නවා අයියව. ශ්‍රි ලංකාව කියන්නේ දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමද ආකර්ෂණය ලබා ගත්තු රටක්. ඇත්තටම ලංකාවේ හිටියට අපි දැකපු තැන් වලට වඩා නොදැකපු තැන් තමා වැඩිපුර තියෙන්නේ. මඩොල්සිම කියන්නෙත් ඒ වගේ බොහෝ දෙනා නුදුටු තැනක්. ඉතින් මං දැනගන්න කැමතියි අයියා කොහොමද මෙතැන ගැන දැනගත්තේ සහ ඇයි අයියට මඩොල්සිම යන්න ඕනේ කියලා හිතුනේ කියලා…
මඩොල්සිම ගැන මං ටිකක් අහලා තිබ්බා කලින්. මගේ යාළුවෙකුත් ගිහින් ඇවිත් කිව්වා “camping වලටත් නියම ප්ලේස් එකක්, ගිහින් ම බලන්න කියලා”. ඊට පස්සේ තමා තව යාළුවෝ තුන් දෙනෙකුත් සෙට් කරන් අපි මඩොල්සිම Campingවලට ගියේ. කොහොමහරි අපි සතියකින් වගේ කාලයක් ඇතුලත තමා සේරම ප්ලෑන් කලෙත්.
අයියලා කොහොම ද එහෙට ගියේ? බස් එකකින් ද නැත්තන්…
ඔව්ව්… අපි නම් සුපුරුදු විදියට බස් එකේ තමා ගියේ. කොළඹ ඉඳන් මඩොල්සිමට බස් එකක් තියෙනවා රෑ 10.15 ට. ඒකෙන් මඩොල්සිමට ඇවිත් කුරුවිගොල්ල පැත්තෙන් පිටමාරුවට එන බස් එකේ තමා මඩොල්සිම hiking place එකට යන්න ඕන. මඩොල්සිම ටවුන් එකේ ඉඳලත් කිලෝමීටර් 23 ක් විතර තියෙනවා. බඩු එහෙම ගන්න ඕනෙ නම් මේ ටවුන් එකෙන් ගන්න පුළුවන්. නැත්තම් ආපහු තියෙන්නෙ කුරුවිගොල්ලෙ පොඩි කඩ ටිකක්.
අයියලා ගියපු පාර හැරුනම තව ලේසි පාරවල් එහෙම තියෙනවද?
බදුල්ලේ ඉඳන් පස්සරට ඇවිත් එතනින් පස්සර-පිටමාරුව බස් එකේ යන්නත් පුළුවන්. බස් එකේ එනවනම් පස්සරට ඇවිත් යන එක තමා ලේසිම. මොකද දවසට බස් 4ක් විතර පස්සර ඉඳන් මඩොල්සිමට යනවා. ගියාට පස්සේ ගමේ කට්ටියගෙන් පොඩ්ඩක් විස්තර අහද්දී තමා අපිත් ඒක දැනගත්තේ.
තමන්ගේ වාහනේක වගේ එනවා නම් තවත් ලේසියි. හැබැයි අන්තිම කිලෝමීටර් 3 විතර නම් පාර හොඳටම සවුත්තුයි. එහෙම එනවා නම් Off road vehicle එකක් තමා හොඳම.
මෙහේ ඉඳන් යද්දී සාමාන්‍යයෙන් ගමනට කොච්චර විතර වෙලාවක් ගියාද?
කොළඹ ඉඳන්ම ගත්තොත්… පැය 8ක් 9ක් වගේ ගියේ. අපි මඩොල්සිම ටවුන් එකෙත් ටිකක් ඇවිද්දා පැයක් විතර.
මං හිතන්නේ මඩොල්සිමට යන විදිහ ගැන නම් හොඳ පැහැදිලි අදහසක් ලැබුණා අපේ පාඨකයින්ට. එහෙනම් අපි දැන් hike එක පටන් ගන්නයි සූදානම. අපි ඒ ගැනත් කියමුකො අත්දැකීම් ටිකක්.
අපි උදේට කාලා 9.00 ට විතර තමා hike එක පටන් ගත්තේ. පටන් ගන්න තැන ඉඳලා කිලෝමීටරයක විතර දුරක් තමා යන්න තියෙන්නේ. පැය 2 කට විතර පස්සේ අපි අපේ place එකට ආවා. එහේ climate එක හරිම කූල්. මීදුම එනවා යනවා. ඒක නිසා ලොකු මහන්සියක් දැනුන් නෑ ඇත්තටම. ගමන පටන් ගත්තු හරියෙ නම් කූඩැල්ලෝ හිටියා සෑහෙන්න. හැබැයි උඩහට යද්දි නම් හිටියෙ නෑ.
උඩහට යන අතරමග ගමන් මාර්ගයේ මොන වගේ දේවල් ද අපිට දකින්න ලැබෙන්නේ?
යන අතරමග නම් විශේෂයෙන්ම කියලා එහෙම නැවතිලා බලන්න තැනක් නෑ පරිසරයේ සුන්දරත්වය ඇරෙන්න. පරිසර සුන්දරත්වය නම් තියෙනවා ගොඩක්ම. උඩට යද්දී පස්සර තියෙන මැණික් පතල් එහෙමත් ඈතට පේනවා. ඔයාලාට ඒවා දකින්න පුලුවන් යන අතරමග සමහර තැන්වල දි.

ඔන්න අපි එහෙනම් කන්ද නැග ගෙන උඩටම ඇවිත් ඉන්නේ. අපිට කියන්නකො අයියෙ අයියලා රාත්‍රිය ගත කරන්න සූදානම් වුනේ කොහොම ද කියලත්…
අපි කන්ද නැගලා ටික වෙලාවක් ඉඳලා එහෙම අපි අරන් ගිය tent එක ගහන්න පටන් ගත්තා. හතර දෙනෙක් හිටපු නිසා අපි tent 2 ක් ගෙනිච්චා. කලින් දෙසැරයක්ම camping කරලා තිබ්බ නිසා ඒ වැඩේ නම් ලොකු අමාරුවක් තිබ්බේ නෑ. Tent ගහලා ටික වෙලාවකින් දවල්ට කාලා එහෙම වටපිටාවේ ටිකක් ඇවිද්දා ඒ ලස්සන විඳ ගන්න.
මං හිතන්නේ අපි දැන් ඉන්නේ මුහුදු මට්ටමේ ඉඳන් අඩි 1250ක් විතර උඩින්. කොහොමද අවට දර්ශන පථය?
කියන්න වචන නෑ. ඇත්තටම මාරම ලස්සනයි. නුවර-බදුල්ල මුළු පළාතම පේනවා.
ලොකුවට මීදුම තිබ්බේ නැත්තන් නුවර, බදුල්ල, අම්පාර, මොනරාගල, බිබිල, මඩකලපුව area එකයි ඒ වගේම නාගදීප වැව, සොරබොර වැව, සේනානායන සමුද්‍රය, නැගෙනහිර වෙරළත් එක්ක 3600 view එකක් ගන්න පුළුවන්.
climate එක ගැනත් පොඩ්ඩක් කියන්න ඕනේ… මොකද එහේ climate එක විනාඩි 10න් 10ට වගේ change වෙනවා. කලිනුත් මං කිව්වා වගේ මීදුම එනවා යනවා. සමහර වෙලාවට මුළු පළාතම වැහිලා යනවා මීදුමෙන්. කොහොමහරි අපේ වෙලාවට එදා වැස්සේ නෑ. වැස්සා නම් හැබැයි ටිකක් අමාරුයි වටපිටාව හරියටම බලාගන්න. ඔයාලත් එහේ යනව නම් මං කියන්නේ ඒ පැත්තේ කාලගුණ තත්ත්වයත් පොඩ්ඩක් බලලා වැස්ස නැති කාලෙක වගේ යන්න කියලා.

මං අහලා තියෙනවා ගොඩක් අය එහෙට යන්නේ විශේෂයෙන්ම ඉර බහින දර්ශනය බලන්න කියලා. ඒක ඇත්තද?
ඔව්ව්..sun set එක view කරන්න තමා ගොඩක් අය එන්නේ. ඒ වගේම උදේට ඉර පායන දර්ශනයත් සුපිරියි. හරිම ලස්සනයි ඒ views දෙකම.
අයියලාට අමතරව තවත් කට්ටිය එහෙම ඇවිත් හිටියද camp ගහන්න?
නෑ.. අපි කට්ටිය විතරයි එදා හිටියෙ. සතියෙ දවසක ගියපු නිසා වෙන්නැති කවුරුත්ම හිටියේ නෑ.
හවස් වරුවෙ ගෙවපු මඩොල්සිමට දැන් දැන් ටික ටික අඳුර වැටිලා රෑ බෝ වීගෙන එද්දි අපි කියමු ද අපේ පාඨකයින්ටත් කොහොමද අයියලා එදා රාත්‍රිය ගත කළේ එහෙම කියලා…
රෑ වෙද්දි නම් සීතල සෑහෙන්න වැඩි උනා. ඊට පස්සෙ අපි ගිනිමැලෙකුත් ගහලා රෑට කන්න නූඩ්ල්ස් හදාගත්තා. ආ… මතක් කරලා යද්දි වැඩිපුර වතුර අරන් යන්න. මොකද උඩ දි වතුර ගන්න එහෙම තැනක් නෑ.
කෑම හදා ගන්නවා නම් Portable gas stove එකක් අරන් යනව නම් ගොඩක් ලේසියි.. නැත්තන් භූමිතෙල් ලිප් වලින් උයා ගන්න ගියාම කරදරයි නේ. Propane canister එකක් ඇති එක රෑකට නම්.
අනිත් එක camping වලට යද්දී මතක් කරලා fly sheet එකක් අරන් යන්න. Tent එක විතරක් මදි. වැස්සොත් එහෙම ලොකු අවුලක් වෙන්නේ. අපේ වෙලාවට එදා වැස්සේ නෑ. ඒ නැතත් ඉතින් පින්න වැඩියිනේ. ඒ නිසා අරන් යන එක තමා හොඳ.
ඇත්තටම මට කියන්න තියෙන්නෙ නම් මේ වගේ තැනක යාළුවොත් එක්ක පරණ දේවල් මතක් කර කර සින්දුවක් කියාගෙන ඉන්නවා කියන්නේ ඒක වෙන කොහෙන්වත් ගන්න පුළුවන් අත්දැකීමක් නෙමෙයි. ඒක ගිහින්ම තමා විඳගන්න ඕනේ.
කොහොම හරි අපි රෑ 12 විතර වෙනකන් එළිමහනේ ඉඳලා තමා එදා නිදාගන්න ගියේ. වැස්සෙ නැති නිසා අහසත් පුදුමාකාර ලස්සනයි. ඒ වගේම හරිම පැහැදිලියි. තරු යට ගත කරපු සුන්දර රාත්‍රියක් කියලා කියලා තමා එදා රෑ ගැන මට නම් කියන්න තියෙන්නේ.

“තරු යට ගත කරපු සුන්දර රාත්‍රියක්.” පාළු කන්දක් උඩ යාළුවො ටිකත් එක්ක, ළඟ පාතක වෙන කවුරුවත් නැතිව ගෙවී ගිය සුන්දර හෝරා කීපයකට පස්සෙ මඩොල්සිමට ඉර උදා වෙද්දි කොයි වගේ ලස්සනක් ඇති ද? ඉතින් අපේ පාඨකයිනුත් කැමති ඇති ඒ අත්දැකීම ගැන දැනගන්න. අපිට කියමුකො අයියෙ උදෑසන මඩොල්සිම කොයි වගේ ද අයියලා අත්වින්ඳෙ කියලා…
එදා උදේ 5.30 ට විතර අපි ඇහැරුනා ඉර පායන එක බලන්නත් එක්කම. පුදුම සීතලක් තිබ්බෙ. මුළු පැත්තම වැහිලා මුකුත්ම පේන්නෙ නැති තරමටම මීදුම තිබ්බා ටිකක් වෙලාවක් යනකන්ම. හැබැයි කොහොමහරි මීදුම අතරින් උනත් අපිට ඒ දර්ශනයත් බලගන්න පුළුවන් උනා. එතන ඉන්නකොට අපිට හිතෙන්නෙ අපි නිකන් වළාකුළු උඩ පාවෙනවා වගේ. වළාකුළු තියෙන්නෙත් අපි ඉන්න මට්ටමට වඩා පහළින්. ආයි ඉතින් අමුතුවෙන් ලස්සනයි කියලා කියන්න දෙයක් නෑ ඇත්තටම. ඒක hiking කරන කෙනෙක් නම් අත් විඳ ගන්නම ඕනි දර්ශනයක්.

අමතක නොවෙන අපූරු night camping එකකින් පස්සේ සුන්දරම සුන්දර ඉර උදාවකුත් දැක ගෙනම අකමැත්තෙන් උනත් මඩොල්සිමට සමු දෙන්න වෙලාව ඇවිත් අපිට…. මඩොල්සිමෙන් එන ගමනෙ දි අපිට තව බලන්න යන්න තැන් එහෙම තියෙනව ද අයියෙ?
ඔව්… ආපසු එන මාර්ගයේ තියෙනවා කොකාගල කියලා ගලක්. අපි නවාතැන් ගත්තු තැන ඉඳල 2 km ක් වගේ තමා තියෙන්නේ එතනට. ඒක DS ගල කියලත් හඳුන්වනවා. මොකද ඒ ගලට DS සේනානායක මහතාගේ හැඩරුවක් තියෙනවා කියලා තමා ගමේ අය කියන්නේ.
ඊට පස්සේ අපි ගියා බේසමෙන් නාන්න. බේසම කියන්නෙ දිය ඇල්ලක්. නාන්නම තියෙන සුපිරි, ඒ වගේම safe තැනක්. බය වෙන්න දෙයක් නෑ. මඩොල්සිම පාරෙන් එද්දි තියෙනවා ලුනුගල හන්දිය. එතනින් ඇතුළට 6 km ක් වගේ දුරක් පයින් යන්න ඕනෙ. පොඩි කැලයක් මැද්දෙන් වගේ තමා යන්න තියෙන්නෙ. පැය 2ක් විතර හිටියා අපි එතන.
අපි ඊට පස්සෙ ගියා අරදුනු ඇල්ලට. පස්සර-මඩොල්සිම පාරේ පස්සර ඉඳන් 4 km ක් වගේ එද්දී පොඩි පාරක් තියෙනවා. ඒ පාරෙ 1.5 km ක් විතර යන්න ඕනෙ. ඇල්ල පටන් ගන්න තැනටම උනත් ගිහින් බලන්න පුළුවන්.
ගොඩක් වෙලාවට එහෙම ඇල්ල උඩටම ගිහින් බලන්න පුළුවන් තැන් අඩුයි නේ ද අයියෙ?…
ඔව් ඒක ඇත්ත… තේ වතු මැද්දෙන් තමා එතනට පාර වැටිලා තියෙන්නේ. කොහොමහරි අපි අරදුනු ඇල්ල පටන් ගන්න තැනටත් ආවා. පහළ බලද්දී තමා ටිකක් බය හිතෙන්නෙ අඩි ගාණක් පහළට පේනවනෙ. මේක තමා ඉතින් adventure.
ඇල්ලෙ පාමුලට යන්න බැරිද අපිට?
පුළුවන්.. ඇල්ලෙ පාමුලටම යන්න පුළුවන්.. ආපු පාරෙන්ම ටිකක් ආපස්සට ඇවිත් පහළට බහින්න ඕනෙ. ඇත්තටම පහළට එන්න ඕනෙ ඇල්ලෙ නියම සුන්දරත්වය දකින්න නම්. ඇල්ල කඩා හැලෙන්නෙ තට්ටු කීපෙකට නිසා තමා ගොඩක්ම ලස්සන.
හැබැයි මෙතනදි පොඩි දෙයක් මතක් කරන්න ඕනෙ. එතන නාන එක ටිකක් අනතුරුදායකයි කියලා තමා ගමේ කට්ටිය කියන්නෙ. හිටපු ගමන් එක පාරටම වතුර පාර වැඩි වෙනව ලු. වතුර පාරෙ සැර වැඩි නිසා එතන ගොඩක් ගැඹුරට හෑරිලා තියෙන්නෙ.
මේ වගේ ගමනක දී අපි අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න ඕනෙ දෙයක් තමා අපේ ආරක්ෂාව. අපේ නොසැලකිලිමත්කම නිසා වෙන පොඩි දේත් ඇති මුළු ගමනෙම අපි ලබා ගත්තු විනෝදය එක් නිමේෂයකින් නැති වෙලා යන්න. මං හරි නේද අයියෙ?
අනිවාර්යයෙන්ම. ගොඩක් වෙලාවට හිතන්නෙ නැති තැනක තමා අනතුරු තියෙන්න. විශේෂෙන්ම මේ වගේ දිය ඇළි වලින් නාද්දි නම් අපි ගොඩක්ම පරිස්සම් වෙන්න ඕනෙ.
දැන් නම් මමත් මඩොල්සිම ගිහින් ආවා වගේ හැඟීමක් තමා මට තියෙන්නේ. මං හිතනවා අපේ පාඨක පිරිසටත් එහෙමම ඇති කියලා. ඇත්තටම අති සාර්ථක සංචාරයක්…
අපේ සංචාරක සටහනේ අවසානය සනිටුහන් කරන්න කලින් මං අයියගෙන් තව එක දෙයක් අහන්න කැමතියි. මේ වගේ ගොඩක් තැන් වල සංචාරය කරලා දැකපු දේවල් සහ ලබපු අත්දැකීම් එක්ක අපේ පාඨක පිරිසට කියන්න අයියා ගාව මොකක් හරි විශේෂ පණිවිඩයක් වගේ එහෙම තියෙනව ද?
අරදුනු ඇල්ල ගාවදි මම දැක්ක දෙයක් කියන්නම්. ඇල්ල ගාව ප්ලාස්ටික් බෝතල්, ෂොපින් බෑග් වගේ කුණු දාල හැමතැනම. පරිසරය විනාස කරලා මිනිස්සු. මට කියන්න තියෙන්නේ කොහේ ගියත් අරන් ගියපුවා අරන් එන්න. කියමනකුත් තියෙනවනෙ පා සටහන් විතරක් ඉතුරු කරලා එන්න කියලා. තැන තැන ඒ වගේ ගෙනිච්ච කුණු දාලා එන්න එපා. ඇත්තටම ඒක හරිම කැතයි. මොකද මේ වගේ ලස්සන පරිසර පද්ධතීන් අපි ආරක්ෂා කර ගත්තොත් තමා කවදහරි තව කෙනෙක්ට ගිහින් ඒවා නරඹන්න පුළුවන් වෙන්නෙ. ඒ නිසා තමන් මේ සමාජෙට, පරිසරයට වගකිවයුතු පුද්ගලයෙක් කියලා හිතලා තමනුත් ආරක්ෂා වෙලා පරිසරයත් ආරක්ෂා කරන් ඔයාලගෙ සංචාරය නිමා කරන්න.
ඔව්… ඒක ඇත්තටම ලස්සන පණිවිඩයක්… වටිනා කාලය කැප කරලා අද දවසේ අපිත් එක්ක අත්දැකීම් බෙදාගන්න එකතු වුනාට අයියට Colombo Beacon වෙනුවෙන් මම ස්තූතිවන්ත වෙනවා.
ලබන සතියෙත් මේ වගේම සොබා ශ්‍රී සොයා යන ගමනාන්තයකින් ඔබව හමුවීමේ අරමුණින් අදට අපේ සංචාරක සටහන නිමා කරනවා. එතෙක් සතියක විරාමයක්…
location :
- පුංචි ලෝකාන්තය (Mini World’s End) – https://bit.ly/2IQcGJL
විශේෂ ස්තුතිය – යසිරු කුමාරසිරි
ඡායාරූපකරණය – දුමිඳු සසංක ආරියවංශ
Design by Nisal Vimukthi
Leave a Comment