සාමාන්‍ය

මතං……..ඉතිං

කොළඹ විශ්ව විද්‍යලයේ විද්‍යා  පීඨයේ මගේ හොද මිතුරෙක් විය. ඔහු මිතුරන් අතරේ “වජිර” වුවත් ඔහුගේ සබැ නම වුයේ “විරාජ්”ය. නමුත්  බොහෝ දෙනෙකු ඔහු හැදින්වුයේ “මතං” නමිනි. විටක සුරතල් ගති ඇති මතං කෙසේ වෙතත් අපේ  හොද හිතවත් මචං කෙනෙකි.

කොරිඩෝව දිගේ ඉක්මන් ගමනින් යන ඔහු දැක ඒ ගැන විමසූ කල්හි අලි හුතපතයක් මතං මං තාර් ගාල එන්නම්  කියාය. බොහෝ  අවස්ථාවලදී මතං තුවාලය, තුර්කිය, තුවාන්, තුවාය වැනි වචන උච්චාරණය කරන විට ඔහුගේ ඉදිරියේ සිටින පුද්ගලයා සිහින් පොද වැස්සකින් නැහවේ. එවිට මිතුරන්  ට සිදුවන්නේ තුවායකින් හෝ මුහුන පිසදා  ගැනීමටය.

කොළඹ මරදාන පිරිමි පාසලක ඉගෙනුම ලැබු ඔහුගේ පාසල් කාලයේ අරමුණ වුයේ යුධ හමුදාවට බැදීමටය. එකල ඔහු කීවේ, “මතං ති පනස් හයක් අරන් ඒකත බුලත් දාලා වෙදි තියනවා කොතින්ගේ තත්තෙ පැලෙන්න “යනුවෙනි.   ඒවැනි වදන් වලට අපි බිය වුයේ සිනාව තද කරන්, කටවල්  ඇරගෙනය.

“කොළ කද කද බොලුවට දෙනවා……” වැනි පැරණි ගීත වලට  ආදරය කල මතං ඉදහිට එවැනි ගීතයක්  යයි සිතා “අන්න කුදො අල පාට වලා”….. අප ඒ ගී රස වින්දේ රස දෙගුණ කරමිනි.

මතං ලඟ කතා බොහොය. මේ එවැනි කතාවක්……….

ඔහුගේ පියාට තිබු ජංගම දුරකථනය වුයේ “තූ වන් දබල් සීලෝ” ය. එය විකුනූ හැටි ඔහු අපට විස්තර කලේ වීරයෙකු ලෙසය. “මතං ගොං දයල් එකක් සෙත් උනා. ඌත පත පත ගාලා  පෝන් එක දීලා තල්ලි බේලගෙන බුග් ගාලා මාලු උනා.”

“ඒ මතං ඊයෙ ගෙදල මාලු නෑ. පත්තේ මං මෝතබයිත් එක අලගෙන තුපර් මාකත් එකත ආවා.අප්පෝ හලි ගණන්,… ඉත්තො කිලෝ එකක් අලන් ඇවිත් බැද්දා….”

“කැරම් ගහන ඉත්තෝද බං?”….. එකෙකු අසයි.මතංගේ ඊළග වචන මාලාවද හරි අපුරුය.මින් පෙර අසා ඇතත් මේ වචන වල අකුරු වෙනස්ය.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

නිර්ණාමික

කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment