අදත් හවසට මැවෙන සිතුවම්
හදවතට රිදුම් දී රිද්දවයි…
අහම්බයකි එදවස අදටත්
මතක් වෙද්දිත් දෙනෙත තෙමයි…
මතක වැස්සේ තෙමෙනු ඇත්තේ
නුඹම විතරක් නොව මා කියයි…
ඔබේ ඇස් ළඟ වින්ද ආදරේ
තවම හද තුළ සක්මන් කරයි…
ගිගුම් දුන් හදවතේ තවමත්
නුඹ ඉන්නවා සත්තකයි…
සුවඳ හැමූ මල් පිපෙන දවසක
ඔබේම වෙන්නට යළි සිතෙයි…
දුනිත් දේසිත
පළමු වසර
තාක්ෂණ පීඨය
Leave a Comment